Friday, November 07, 2014

I'm Rukaa

මගේ උපන් දිනයම Rukaa Tricksවලත් උපන්දිනය කරගෙන 2014.11.07 වන අද සිට වැඩ අරඹන අපි ගැන...




මුලින්ම අපේ අඩවියට ගොඩ වෙන ඔයාලට හිස නමා අචාර කරන ගමන්ම පුංචි හැදින්වීමක් කරන්නම්...
ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන ප්‍රාර්ථනාවක් සපල උනා කියලා දැනෙන කොට පුංචි ආඩම්බරයක් දැනෙනවා හිතට... බ්ලොග් එකක් කරන්න ඕන කියලා මට මුලින්ම හිතුනේ ෆේස්බුක් වෙබ් අඩවියේ අපේ ගෘප් එක ට ගාලාගෙන එන ඔබේ ගැටළු වලට තවත් පුළුල් විදියට උත්තර දෙන්න සහ මගේ දැනුම වැඩි කරගන්න ඕන කියන අදහස නිසා... ඒ වගේම කියන්න ඕන මේ මම ලියන මුල්ම පොස්ට් එක අඩු පාඩු වැරදි තියනවා නම් සමාවෙන්න... තාක්‍ෂණය මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් කරලා තියන අවදියක අපි නව තාක්ෂණික ක්‍රම වේදයන් හදාරන්න ඕන කියන එකයි මගේ මතය... ඒ වගේම ශ්‍රීලාංකිකයා දැනුමින් සන්නද්ධ කිරීම මගේ එකම අරමුණයි!! ඒක නිසාම මම මේ අඩවියේ
"අන්තර්ගතය" කියල ඉන්නම්

01 පරිගණක
02 ඇන්ඩ්‍රොයිඩ්
03 හැකිං
04 ෆොටෝෂොප්
05 මෘදුකාංගය
06 ඊ-මනි
07 බ්ලොගින්
08 ඇන්ඩ්‍රොයිඩ් ඇප්
09 නෙට්වර්කින්
10 ෆේස්බුක් වැඩකෑලි
11 ඉන්ටර්නෙට් වැඩකෑලි
12 නව තාක්ෂණය
13 වෙනත්
...

කියන මාතෘකාවන් යටතේ කතා කරන්න අපි ලෑස්ති... මුලිකවම මේ වෙලාවේ මතක් කරන්න ඕන මගේ සහෝදර ඇඩ්මින් වරයා.. "කවිශ්ක ගීත්"(මගෙම මල්ලි ඉතින්) ඔහුත් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වෙයි අනිවාරෙන්... කොහොමහරි ඔහුත් මේ ගමන සදහා මා සමග නිබදව සිටි බව මතක් කල යුතුයි... ඒ වගේම සෑම කටයුත්තකදීම මා දිරිමත් කරමින් මා ළගින් සිටි මා ආදරණීය “චතූ” සිහිපත් කරන්නේද සතුටිනි,,,,තවද මගේ ෆේස්බුක් අඩවියේ මිතුරන් වී සිටින මිතුරන් විශාල ප්‍රමාණයක් මා දිරිමත් කල බව මතක් කල යුතුයි...
ඔබත් සමග දිගු ගමනක් යාමට අපේක්ෂා කරන අතර අප සමග නිරන්තරයෙන් සිටින ලෙසට ඉල්ලා සිටිමි.... නිරන්තරයෙන් අලුත් වන ලෝකයේ සැබෑ තතු ඔබ වෙත ගෙන ඒමට අප බැදී සිටි.. මලයා සතු මානා දැනුමත් මා සතු දැනුමත් ඔබේ අදහස් සහ චෝදනාත් උපයෝගී කර ගනිමින් දිගු ගමනක ආරම්භය මෙසේ තබන්නෙමු.. දිනක යහපත් ලොවක අරුනළු දකින තුරු අපි ඔබ සමග සිටින්නෙමු.. සියළු දෙනාටම ඉස්තූතිය පුද කරමි!! සියළු දෙනාටම අප හා සම්බන්ද වන සමාජ වෙබ් අඩවි පහතින් සටහන් කරමි!
මම “කසුන් ගිහාන් මිලින්ද ශ්‍රීනාත් රුක්මල්දෙනිය”

01 “කසුන් ගිහාන් මිලින්ද ශ්‍රීනාත් රුක්මල්දෙනිය” (ඇඩ්මින්)
-ෆේස්බුක්- : තාවකාලිකව අක්‍රිය කොට ඇත (2015 A/Lඅවසන් වන තෙක්)
-ස්කයිප්- : (kasun.rukmaldeniya)

02 “කව්විශ්ක ගීත් මනූජ ශ්‍රීනාත් රුක්මල්දෙනිය”
-ෆේස්බුක්- : Kavishka Rukmaldeniya
 

02 “අපේ Page එක”
-ෆේස්බුක්- : Rukaa Tricks

0 comments:

Post a Comment

Like and Follow on Facebook