ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Wednesday, August 24, 2016

පට්ටම ලාභෙට, පිටරට මිලට ලංකාවට බඩු ගෙන්නගන්නේ කොහොමද? මේන් මෙහෙමයි!!!

ගොඩක් යාලුවෝ ෆොන් එකේ කවරේ පෙන් එක අරව මේවා දැක්කම අහනවනේ පට්ට බං, කොහෙන් ගත්තේ අරක මේක කියල. ඉතින් එහෙම කියා දීල කියා දීල අද මට හිතුන එක ඔයාල හැමෝටම දැනගන්න පුළුවන් වෙන්න මේකේ දාන්න කියල. අද මම කියලා දෙන්නම් අන්න ඒ ක්‍රමේ ගැන. ඒ තම ebay. ගොඩක් යට අලුත් දෙයක් නම් නෙවේ වෙන්නැති. නොදන්නා අයටයි මේ ආ... ඔයාලට ebay එකෙන් ඕනෑතරම් උපාංග අඩු මිලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්..මම සියල්ල කියලා දෙන්නම් කරන හැටි..මෙන්න මෙහෙමයි ක්‍රමේ...

හරි මුලින්ම eBay කියන්නෙ මොකක්ද?
eBay කියන්නෙ ඇත්තටම ගෝලීය පොළක්. පොළක කව්ද ඉන්නෙ?
භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.භාණ්ඩ වල මිල අඩු මට්ටමේ සිට හා වැඩි මට්ටමේ සිට වුවද අපට ඉතා පහසුවෙන් ඒවා තෝරා ගත හැකියි.


eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.ටිකක් අන්තර්ජාලයේ හැසිරීම ගැන පොඩි දැනුමක් තිබීම වැදගත් වෙනවා..ඉංග්‍රීසි දැනුමත් ඉතා වැදගත් වෙනවා...

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි.හරියට හෙටදින වගේ.. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.මොන රටෙන් වුනත් අපට ඕන භාණ්ඩයක් තැපෑලෙන් ගෙන්වා ගන්න පුළුවන්..

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.තැපැල් ගාස්තු නැතිව ගෙන්න ගත්තොත් ටිකක් කල් යනවා.. ලංකාවටනම් සති 3ක් වගේ ලයින් වෙනවා ඉතින් ආයෙ බොරු ඕනේ නැනේ... නැතිනම් ඉක්මනටම ගෙන්වා ගන්න පුළුවන් දවස් 7න් වගේ ඒ ගාස්තුත් ගෙවල...

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.Free Shipping වලින් ගෙන්වන එක හොඳයි..නැතිනම් වැඩිපුර ගෙවන්න වෙනවනේ..

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.මුලින්ම පුරුදුවෙන්න එක්ක පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ් වගේ පොඩි පොඩි දේවල් ගෙන්වා ගනිමු..එතකොට ebay එකේ හැසිරීම හොඳටම හදුනා ගන්න පුළුවන් වෙයි..
eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.

එහෙනම් රුකා ගියා... ඔබට ජය!

Saturday, August 13, 2016

යන තැනක අරන් යන්න චුට්ටිම චුට්ටන් computer එකක් දැන් අපිටත් ගන්න පුළුවන්...

හායි කස්ටිය! විවිධ මාදිලි වල පරිගණක ඔබ දැක ඇති. ඉතින් ඒ උනාට අද රුකා කියන්න යන්නේ එහෙම දැකල නැති ගැජට් එකක් ගැන. සල්ලි කොලයක් තරම් නැති මේ කෑල්ල මොකක් වෙන්නැද්ද?

අතීතයේ පැවති පරිගණක කාමරයක් තරම් විශාල වූ බව ඔබ දැක ඇති. නැතිනම් අසා ඇති. නමුත් විද්‍යාවේ වූ දියුණුවත් සමඟ පරිගණක දිනෙන් දින ප්‍රමාණයෙන් කුඩාවෙමින් කාර්යක්ෂමතාවයෙන් ද වැඩි වන්නට විය. ඉතින් අපිට මේ වාර්තා වන්නේ එවැනිම නවීන පරිගණකයක් පිළිබඳවයි. මේ පරිගණකය ප්‍රමාණයෙන් කෙතරම් කුඩා ද හරියටම එය ක්‍රෙඩිට් කාඩ් එකක් විතර ඇති. මේ පරිගණකය හඳුන්වන්නේ Raspberry Pi Zero (රාස්ප්බේරි පයි) කියලයි. මෙහි පැරණි මාදිලි කිහිපයකුත් තිබිලා තියනවා. මෙය ලොකු කුඩා ඕනෑම කෙනෙකුට පරිගණකය ගැන ඉගෙන ගැනීමට අපුරු අවස්තාවක් ලබා දෙනවා. මෙය අලෙවි වන්නේ ද ඩොලර් 5ක් වැනි අපූරු මුදලකටයි. ඒ කියන්නේ මුදලින් රුපියල් 700ක් වගේ මුදලක්. මේ මුදලට ඔබට ලැබෙන්නේ 1GHz Broadcom BCM2835 CPU එකක් , 512MB LPDDR2 SDRAM එකක්, microSD කාඩ් රිඩරයක්, mini-HDMI port එකක් (with 1080p video output at 60 fps) සහ micro-USB socket කිහිපයක්. හැබැයි මෙය ක්‍රියාත්මක වන්නේ windows හෝ Mac වැනි පාලන පද්ධතියකින් නොව Raspbian OS නම් පාලන පද්ධතියෙන්. දැනට නිර්මාණය කර ඇති කුඩාම වර්ගයේ Raspberry Pi පරිගණකය ලෙස මෙය සැලකෙනවා. එය ප්‍රමාණයෙන් 65 x 30 x 5mm කි.


මේ වනවිටත් මේ වර්ගයේ පරිගණක දස දහස් ගණනක් නිර්මාණය කර තිබෙන අතර මෙහි ඇති ඉතාමත් ආකර්ශනිය මිල ගණන් හමුවේ මෙය කෙටි කාලයකින්ම අලෙවි වී අවසන් වනු ඇති බවට මේ සමාගම පවසනවා.
මේ කුඩා පරිගණකය පරිගණක Scratch සහ Python වැනි පරිගණක භාෂා ඉගෙනීමට යොදාගන්න පුළුවන්. මේ පරිගණකයට තිරයක්, යතුරුපුවරුවක්, මවුස් එකක් සම්බන්ධ කරලා වැඩ කරගන්න පුළුවන්.


මේන් ඇතුලෙ තියෙන්නේ... ඒ උනාට සාමාන්‍ය පරිගණකයක් වගේම වැඩ කරන්නත් පුළුවන්ලු...
පිස්සු නේහ්!
අපිටත් ඉක්මනට මේකක් ගෙන්නගන්න තිබ්බනම් පට්ටයි නේද යාලුවනේ???
ඉතින් මේකක් අරන් චිප් එකක් ගහගත්තම ෆොන් එක වගේම යන යන තැන අපේ කම්පියුටර් කෑල්ලත් උස්සන් යතහැකි. ලැපට බායි කියතහැකි. එත් මොනිටරයක් නැති අවුල තම එන්නේ... නෑ ඉතින් mouse, keyboard එහෙමත් එපැයි... ඇත්තටම ගත්තොත් මේක cpu එක වගේ තම අපේ නේද? වගේත් නෙවේ cpu එක තමා ඉතින්.... මේන් පොඩි review එකක් තියෙනවා බලන්නකෝ...



මේන්න දැන් මේක ගන්න හිතුන අයට site එක එයාලගේ...
raspberry pi එකක් ගන්න හිතුනනම් මෙතනින් යන්නෝ...

ආහ් ඉල්ලුමට සැපයුම නම් තාම බැරිලු ඔන්න. මොකද එච්චරට යනවලු...
හරි හරි මේ එහෙනම් අදට රුකා ගියා.....

Like and Follow on Facebook