Thursday, September 29, 2016

I'm Rukaa

Viber, Whatsapp, Imo, Messenger ඔක්කොම fake or Second account එහෙකින් එකම ෆෝන් එකේ use කරන්නේ කොහොමද??? ඔව් ඉතින් කෑල්ලගේ social app ටිකත් උස්සතහැකි!!!



අඩොව් කස්ටිය.... 
බොලාල බලනව ඇති මුට මක්ක උනාද කියල? පේන්නවත් නැත්තේ??? රුකාගෙන් පොස්ට් එකක්වත් ලග පාතකදි වටුන් නැනේ නේද? 
Post දාන්ට නෙවේ බොලව් වැඩක්වත් කොරන්ඩ වෙලාවක් නෑ මේ කෝස් එකක් කරන්න පටන්ගත්ත එකත් එක්ක දැන්... 
අදත් මේ වෙලාවක් තිබ්බට ආව නෙවේ ඉතින්.... 
උබලට කියන්ට අද මට මැර තර්ජනයක් එල්ල උනා නොවැ? 
Article එකක් නොලිව්වොත්, හෙට වෙද්දි post එකක් නොදැම්මොත් හෙට රෑ ඉතින් msg නැතුන් උගුඩුව වගේ බලන් ඉන්ට වෙන සීන් එකක් තමා තියෙන්නේ... ඔව් ඔව් අද මේක කොටගෙන ඉවරකරගත්තොත් හෙට ඇහැරලා ඉන්නම්ත් කිව්වා... 
මෙව්ව කිව්ව කියල තරහ වෙයිදත් මන්ද??? 
(ඒත් ආය කවුද කියල ඔහෙලා දන්නා එකක්යැ?) 
කෝම කෝම හරි මෙහෙමයි ඉතින් දැන් එතුමීගේ අවසරයත් සමග ලියන්ටයි සුදානම... 
ආහ් ඔව් ඔව් එයා තමා Level5 උදවියනම් දන්නවනේ ඉතින් කවුද කියලා??? 
Level4 සිහින මාලිගේ තමා... 
(දන්නෝ දනිති/නොදන්නෝ දැනගන්නට උත්සහ නොකර හිටපි) 
හරි හරි ඒකෙන් මේකෙන් කතාව පිට පැන්න ඔන්න... වෙන මොනාද නේද දොඩවන්නේ??? 


මෙහෙමයි අද මං කියන්න හිතුවෙ social media සම්බන්ධ දෙයක් ගැන... මන් මේ ගැන මුලින්ම හෙව්වේ whatsapp වලින් මට මේ ප්‍රශ්නෙ ආපු නිසා... ඉතින් මන් අවසරගත්ත ඔන්න whatsapp ගැන එහෙනම් ලියන්නද කියල... හා කිව්ව... ඉතින් මෙන්න මෙහෙමයි සීන් එක වෙන්නේ... 
ඔය මේක කියවන ඔක්කොමලවගේ (95%ක්ම) android පාරිභෝගිකයො නොවැ? 
අනිවා හොයල ඇතිනේ නේද මෙන්න මෙහෙම දෙයක් ගැන? 
මතුවෙලා ඇති මේ ප්‍රශ්නේ අනිමවාරෙන්... 
  • whatsapp තව 4න් එකක් නැතුන් මේ ෆෝන් එකෙන්ම වෙන නම්බර් එහෙකිනුත් use කරන්න බැරිද? 
  • Viber තව 4න් එකක් නැතුන් මේ ෆෝන් එකෙන්ම වෙන නම්බර් එහෙකිනුත් use කරන්න බැරිද? 
  • Imo තව 4න් එකක් නැතුන් මේ ෆෝන් එකෙන්ම වෙන නම්බර් එහෙකිනුත් use කරන්න බැරිද? 
  • FB & Messenger තව 4න් එකක් නැතුන් මේ ෆෝන් එකෙන්ම වෙන account එහෙකිනුත් use කරන්න බැරිද? වගේ ඒවා...
මෙන්න උත්තරේ...!!!
ඇයි බැරි පුලුවන්න්....
 

අද මන් කියල දෙන්නම් ක්‍රමේ...
 

whatsapp විතරක් ඕන කරන අයටනම් වෙනමම ක්‍රමයක් තියෙනවා WhatsappGB කියන app එකෙන්... එකත් මේ app එකක් කිව්වට හිතුමනාපෙට install කරන්ඩ බෑ... ක්‍රමයක් තියෙනවා... වෙනමම post එහෙකින් ඒක කියල දෙන්නම්... 
මේක මේ ඇවිල්ල ෆෝන් එකේ දැනට තියෙන ඕනෙම app එකක් තවත් සැරයක් use කරන්න පුළුවන් විදියක්... හැබැයි එක පාරක් install කරල නෑ වගේ වෙනමම වැඩ කරන යතහැකි.... දැන් හිතනවා ඇති clone appද කියල? නෑ නෑ clone app, app cloner, Clones වගේ app එකක් නෙවේ මේක... එහෙම කේස් එකක් නෙවේ... හැබැයි ඒ වගේම තමා... ඒත් වෙනස්... ඔයාලගේ නොර්මල් use කරන viber, whatsapp accounts වලින් වගේම normal විදියටම notifications එහෙම එනවා... කේස් එකක්ම නෑ... නම තමා parellel app... 

වැඩි කතා ඕනේ නෑ... නිදිත් මතයි... 
කෙලින්ම සීන් එක කියන්නම්... 

මෙන්න මේ පහල ලින්ක් එකෙන් ගිහින් ඒක බාගන්නකො මුලින්ම.... 
මේක ඇවිල්ල playsore ලින්ක් එකම...
parallel space
අවුලක් තියේනම් 3.1.5779 version එක ගන්න uptodownලගෙන් මෙතනින්...
parallel space
ඔන්න app එක...


පස්සේ ඒක install කරගන්න.... 


දැන් open කරගන්න.... 
ඔතන ඔය පෙන්නලා තියෙන එකතු කිරීමේ ලකුණ ඔබල app ටික තෝරාගන්න පුළුවන්...

 එතකොට මෙන්න මෙහෙම එයී... 

ඕකෙ ඔය හිස් කොටුවක් ඔබල එකෙන් ගිහින් whatsapp කියමුකෝ එකටම ඕනේ... ඒක select කරන්න...එතකොට මෙහෙම මොකක්ද ජින්ජිබිරිස් එකක් වෙයි...

ආහ්හ් අනික මේකයි මේකෙන් ලස්සනට ඉස්සරහට shortcut එකක් දාගන්නත් පුළුවන් ඕනේ නම්... වෙනම සුදු කොටුවකින් පෙන්නලා තියෙන නිසා මාරු වෙන්නෙත් නෑ ලේසියකට... මෙන්න මෙහෙම ඕනේ app එක මෙතනට drag කරගන්න...


දැන් සාමාන්‍යෙන් whatsapp එකක් verify කරන විදියටම ඔයාගේ අනිත් පොඩි ෆෝන් එකේ (නැත්නම් කෑල්ලගේ) නම්බරේ දීල verify කරගන්න... 

ඊළගට viber අරව මේවා ඕනේ app ඔක්කොගෙම තව කොපියක් ෆෝන් එකේ ගහගෙන අනිත් නම්බරේටත් හදාගන්න... මෙන්න මන් දාගත්තු ටික....

එහෙම කරන්න පුළුවන් app වගේම බැරි ඒවත් තියෙනවා... ඉතින් මං check කරල බලපු විදියට අනුවනම් දැනට ලංකාවේ අපේ නැගල යන social app කිසි එක්කට කේස් එකක් නෑ මචංලා... ඔන්න ඕකයි ඉතින් අද කතාව... 
එහෙනම් බලු වැඩ නොකර තව account එකේකත් හදාගෙන හොද වැඩම කරහන් කොල්ලනේ... සහ කෙල්ලනේ... 
ඔන්න එහෙනම් රුකා ගියා... 
බුදු සරණයි! 
ජය වේවා!!!
අහ්හ් පොරොන්දුව පරිදි හෙට නම් රෑ වෙනකම් ඇහැරලා ඉන්නත් වෙනව ඔයාට නම්...
අවසානෙට webබුවා කියන පරිදි උබලට අදාළ නැති කතාවකුත් කියන්නම්...
නිකමට වගේ
මතක තියාගනිල්ලා...

බායී.....

1 comment:

  1. Viber, Whatsapp, Imo, Messenger ඔක්කොම Fake Or Second Account එහෙකින් එකම ෆෝන් එකේ Use කරන්නේ කොහොමද??? ඔව් ඉතින් කෑල්ලගේ Social App ටිකත් උස්සතහැකි!!! ~ Rukaa Tricks >>>>> Download Now

    >>>>> Download Full

    Viber, Whatsapp, Imo, Messenger ඔක්කොම Fake Or Second Account එහෙකින් එකම ෆෝන් එකේ Use කරන්නේ කොහොමද??? ඔව් ඉතින් කෑල්ලගේ Social App ටිකත් උස්සතහැකි!!! ~ Rukaa Tricks >>>>> Download LINK

    >>>>> Download Now

    Viber, Whatsapp, Imo, Messenger ඔක්කොම Fake Or Second Account එහෙකින් එකම ෆෝන් එකේ Use කරන්නේ කොහොමද??? ඔව් ඉතින් කෑල්ලගේ Social App ටිකත් උස්සතහැකි!!! ~ Rukaa Tricks >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Like and Follow on Facebook