ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Showing posts with label OS. Show all posts
Showing posts with label OS. Show all posts

Thursday, November 03, 2016

Windows ඇති නේද? මාරු වෙමු දැන් Free OS එක්කට... මොනාද අහන්න කලින්, කියවල ඉමුකෝ...

Free OS එක්කට...???
ඔව් ඔව් ඔව්... Free OS එක්කට...
 
මුලින්ම කතා කරමු මේක අපි... ඇයි ඉතින් ඔය අගේට වින්ඩෝස් තියෙද්දි මෙව්වා...???
ජීවිතේටවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැතිව බොහෝම අවංකව ජීවත් වෙන බොහෝමයක් දෙනා පරිගණක ක්ෂේත්‍රයෙදි හරිම ලේසියෙන් හොරුන් බවට පත් වෙනවා. එහෙම හොරු වෙන සුලභම ක්‍රමය තමා අනවසර, නීතිවිරෝධි, මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතා කරන එක. 
හරි චුට්ටක් තමන්ගෙන්ම අහලා බලන්න මේ වනකොටත් ඔබ මෙම මංකොල්ලකන ලද මෘදුකාංග කීයක් නම් භාවිතා කර ඇද්ද..? 
භාවිතා කරනවා ඇද්ද...? 
ඉතින් දැන් මේ හොරකම් නවත්වන්න කාලය ඇවිත්. ලංකාවේ නීතියෙන් පවා තහනම් කරන ලද මේ මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතයෙන් ඉවත් වී ඔබේ අවංක බව පරිගණකය ඉදිරියෙත් රැක ගැනීමට අවස්ථාව උදාවී ඇත.
 
මංකොල්ලකාපු මෘදුකාංග! ඈහ්??? ඇයි ඉතිං මංකොල්ලකාපු මෘදුකාංගම...????
අපිට පරිගණකයක් භාවිතා කිරීමේදි මූලිකවම මෙහෙයුම් පද්ධතියක් සහ අපගේ අවශ්යතාවයන්ට ගැලපෙන පරිදි අදාළ මෘදුකාංග භාවිතා කිරීමට සිද්ධ වේ.
මෙලෙස අපි භාවිතා කරන බොහෝමයක්  මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති වාණිජ ඒවා වන අතර ඒවා නීත්යානුකූලව භාවිතා කිරීමට විශාල මුදලක් අදාළ සමාගම් වලට ගෙවීමට සිදුවනු ඇත.
උදාහරණයක් විදියට...
Microsoft සමාගමේ Windows O/S එක $119.99 සිට ඉහලට, එනම් ලංකාවේ මුදලින් නම් රු: 15,901/= සිට ඉහලට,
ජායාරූප සංස්කරණ කටයුතු සදහා යොදාගන්නා Adobe සමාගමේ Photoshop $592.88 සිට ඉහලටද.. එනම් රු: 78,568/= සිට ඉහලටද,
පරිගණකය භාවිතයෙන් නිර්මාණ කටයුතු සිදු කිරීම සදහා භාවිතා කරන AutoDesk සමාගමේ
AutoCAD වගේ දෙයක් ගත්තොත් $4,490.00 සිට ඉහලටද.. එනම් රු: 595,014/= සිට ඉහලටද,
ආදි වශයෙන් උදාහරණ බොහෝමයක් පෙන්නන්න පුළුවන්. 
නමුත් ලංකාවේ අපි බොහෝමයක් අලුතින් පරිගණකයක් මිලදී ගැනීමටවත් මෙතරම් මුදලක් වැය කරන්නේ බොහොම කලාතුරකින්නේ. ඉතිං විකල්පයක් විදිහට බොහෝ දෙනා කරන්නේ පදික වේදිකාවෙන් හෝ පුංචි CD කඩයකින් හොර බඩු ගන්න එක. නමුත් ඒක කොහොමටවත් ගැලපෙන්නේ නැති හොර වැඩක්. ඒක ඒ මෘදුකාංග සංවරධනය කර ශිල්පීන්ට කරන ලොකු අසාධාරණයක්නෙ!
 
ඒ නිසා පරිගණක භාවිතා නොකර ඉන්නද???
ඉතිං මේ ගැටළුවට තියෙන එකම විකල්පය හොර බඩු පාවිච්චිය නම් නෙවේ. අපිට ඕනේ විදිහට පරිගණකය භාවිතා කිරීමට අවශ්ය වෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංග නොමිලේම ලබාගැනීමට ඉඩ දෙන සමාගම් ඕනෑ තරම් තිබෙනවා නම්, ඒ ශිල්පීන් තමන්ගේ නිෂ්පාදන අපිත් එක්ක බෙදාගන්න සූදානම් නම් මොකටද තවත් මංකොල්ලකාපු හොර බඩු...????
මෙලෙස නොමිලේ ලබාගන්න පුලුවන් නිදහසේ භාවිතා කරන්න පුලුවන් ලොව සුලභම මෙහෙයුම් පද්ධතිය වන Linux තුලින් හා ඒහා බැදුනු මෘදුකාංග භාවිතයෙන් ඔබේ අවංකබව පරිගණකය ඉදිරියේත් රැක ගැනීමට අවස්ථාව ඔබට ලැබෙනු ඇත. තවදුරටත් හොරෙක්, වංචනිකයෙක්, මංකොල්ලකාරයෙක් නොවි නිදහසේ අවංකව පරිගණක ලොකේ පියාඹන්න සෙට් වෙන්න Linux ලෝකෙට.....

මම මේ කල්පනා කරේ...
දැන් නෙවේ අපි ඊලග පෝස්ට් එකෙන් වැඩේට අත ගහමු නේද?
මුල ඉදන්ම කියල දෙන්නම් ඉන්නකො පොඩ්ඩක්ක්...
එහෙනම් රුකා කෑපෙනෝ....

Friday, July 15, 2016

ඔයාගේ android එකත් සම්පුර්නෙන් සිංහල කරගමුද? බෑ කියයි!!! එහෙනම් මේන්න ක්‍රමේ...

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද ඔයාගේ ෆොන් එක සම්පුර්ණ වශයෙන් සිංහල කරන්නේ කියලා...


මේක හැම පෝන් එකටම වැඩ කරන්නේ නම් නැති වෙන්න පුළුවන්
නමුත් වැඩ කරයි 4.3+ උඩට, දැන් තියෙන එව්වයේ නම් කොහොමත් ok වෙයී....
ආහ ඒ වගේම මේකට රූට් ඕනි වෙනවා...

හරි!
ඔන්න වැඩේට බහිමු


ඔන්න දැක්කනේ ෆුල් english තියෙන්නේ
දැන් යන්න playstore එකට
ගිහින් සර්ච් කරන්න Language enabler කියල

දැන් ඕක install කරගන්න

දැන් open කරන්න

දැන් රූට් permission ඉල්ලයි දෙන්න

(මේ වගේ ඒවා එන්නේ සම්සුන්ග් නොවන නිසා අවුලක් නෑ ok දෙන්න...)

දැන් මේකෙන් "සිංහල" හොයන්න

පහලට යන්න
 
දැන් මේකේ 3ක් පේනවා ඇති
*උඩම සිංහල දුන්නොත් අපේ වෙනස් වෙන්නේ a.m p.m කියන ඒවා පෙ.ව. ප.ව දිනය ස්ථානය වගේ ඒවා තමා
*පහලම සිංහල දුන්නම ඔක්කොම සිංහල වෙනවා තමන් කැමති එකක් දාගන්න

ඊටපස්සේ මෙහෙම එයි

දැන් reboot දෙන්න

හරිනේ? වැඩේ ගොඩ...
ලෙඩක් නම් එන් නෑ... මාත් කරල බලලයි දැම්මේ....
එත් ඉතින් අවදානම තමන් සතුයි,
එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා!

Wednesday, April 06, 2016

හරියටම මතක හිටින ව්දියට දෙයක් පාඩම් කරගන්න හැටි ඔයා දන්නවද? මෙන්න සාර්ථකම ක්‍රමයක්!!! අත්හදා බලන්න....

හැමදාම දෙන technical වලින් අද ඔන්න පොඩ්ඩක් පිට පැන්න... 
අද මං දෙන්න යන්නේ ඉගෙන ගන්න කියන අපිට හුගාක්ම හුගක් වටින දෙයක්...
ආහ් අනිත් වැදගත්ම දේ...  (තව පොඩ්ඩෙන් අමතක වෙනව)
අනිත්ව වගේ නෙවෙයි, අද මං දෙන්න යන මේ post එකටනම් ඔන්න මගේ කිසිම අයිතිවාසිකමක් නෑ හොදේ... ප්‍රොෆෙසර්ගේ තාක්ෂණික සටහන කියන blog එකේ දැකල තමයි අනිවාරෙන් අපේ යාළුවොන්ටත් හුගක්ම වැදගත් වෙන දෙයක් බව හිතුන නිසා මේකෙත් දාන්න හිතුවේ... ඉතින් මේ අද නම් රුකා දෙන්න යන්න පොස්ටුවේ සම්පුඋර්ණ අයිතිය ප්‍රෝෆා සතුයී... ඔන්න link එක්කම අයිතියි මුල් පිටපත තියන තැනයි කියලම මං මේ දේ add කරා... නැත්නම් blogger කෙනෙක් හැටියට ඒ අයට අසාදාරණයක් වන බව දන්නවනේ...
හොදයි කථා ඇති මෙන්න ඒ වටිනා post එක...

(ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ ලිපිය ඕනෑම විභාගයක් සඳහා සූදානම් වෙන ඕනෑම කෙනෙකුට වැදගත් වෙයි.ඇත්තටම මේක මතක තියාගන්න ක්‍රමයක් ගැන ලියල තියෙන්නෙ. විභාගෙකට විතරක් නොවෙයි යමක් මතක තියාගන්න ඕනෙ ඕනෙම අවස්ථාවක මේ ක්‍රමය අත් හදා බලන්න.)



ඔන්න ඔය ඉහත දක්වලා තියෙන ආකාරයේ පණිවුඩයක් ෆේස්බුක් හරහා හුවමාරු වෙනවා දැකලා මේ සටහන තියන්න හිතුනා.

මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ලකුණු වල සාමාන්‍ය අගය දක්වන මිනුමක් ලෙසට දක්වන්න හැකියි. මෙහි උපරිමය 4.0 හෝ 4.5 දක්වා ගන්නවා. උපාධියේ පන්ති සාමාර්ථය (Class) (උපාධිය හැදෑරීමේදී ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දැක්වූ කුසලතාව පිළිබඳ දර්ශකයක්) ඒ කියන්නේ පළමු පෙළ (1st Class) ද , දෙවන පෙළ ඉහළ (2nd Upper) ද, දෙවන පෙළ පහළ (2nd Lower) ද හෝ සාමාන්‍ය සාමාර්ථයක් (General Pass) ද යන්න තීරණය වන්නේ මෙන්න මේ කියන GPA අගය මත. ගොඩක් වෙලාවට ඉහළ පෙළේ රැකියාවක් හෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අය (ඒ සඳහා සලකා බැලෙන්නේ පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථලාභීන්) හැම විටම මෙහි අගය 4.0 ආසන්නව, අඩු ගණනේ  3.5 ට ඉහළව තබා ගන්න උත්සාහ කරනවා. මේ නිසා සරසවිවල තියෙන්නේ (උසස් පෙළ වගේ) තරඟකාරී විභාග නොවුනත් (තරඟකාරී විභාගයක ලක්ෂණය තමයි සමත් වුනත් සාපේක්ෂව ඉහළම ළකුණු නොගත්තොත් අසමත් වුනා හා සමාන සැලකීම්වලට බඳුන් වීම.), කණ්ඩායමේ කීපදෙනෙක් අතරේ සීතල යුද්ධයක් දකින්න පුළුවන්. අවාසනාවකට මේ අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ කෙසේ හෝ ඒ අරමුණට ළඟා වීම මිසක් විශය කරුණු මනාව වටහාගෙන අවබෝධයකින් කටයුතු කිරීම නොවෙයි. මේකට කියන්නේ කටපාඩම් කිරීම හෝ වනපොත් කිරීම බව කවුරුත් දන්නවා. සරසවි ප්‍රජාව මේකට කියන්නේ 'ගිරවා දැමීම' කියලා.

මේ 'ගිරවා දැමීම' අඩු වැඩි වශයෙන් ජීවිතයේ කඩඉම් තරණය කිරීමේදී හැමෝටම අකමැත්තෙන් වුනත් කරන්න වෙන දෙයක්. පෞද්ගලිකව මම නම් ඒකට අංශු මාත්‍රයක්වක් කැමති නැහැ. අපි හැකි සෑම විටම උත්සාහ කළ යුත්තේ අදාල කරුණ හොඳින් තේරුම් අරගෙන හිතට දාගන්න එකයි. තමන්ට තේරෙන්නෙ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් (කුප්පියක් දා ගන්න.).

කොහොම වුනත් සමහර විශය වල කරුණු මතක තියාගන්නම වෙනවනේ. ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මතක හිටින්නෙ නැති එක. මෙන්න ඒකට අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුමක් (ක්‍රමයක්).
'අය්යෝ ක්‍රම නම් ඔය ඕන කෙනෙකුට කියන්න පුළුවන්....ඒත් කොහොමද ඒව හරි කියල අපි විස්වාස කරන්නෙ...?' කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒක හරි. කෙනෙක් ක්‍රමයක් කියල දෙනවනම් එයා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙන්න ඕනෙනෙ. ඒක තර්කාණුකූලයි. හරි. මේක ලියන මම රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මම මෙතනට ආවෙ මෙ කියන ක්‍රමයෙ සාර්ථකත්වය මත තමයි. දැන් හරිද..?

ආ...හ්. අමතක වුනා. කෙනෙක් කියයි මෙහෙම..."සර්ට නම් ඉතින් ඕක නැතුව වුනත් ඔහොම වෙන්න පුළුවන්...ගොඩ දාන එකා කොහොමත් ගොඩ දානවා...මීටරේ හොඳ නම් ඔය කොයි එකත් එකයි....". ඒ කතාව හරිද වැරදිද කියල මෙන්න මේ කතාව කියවල ඔබම තීරණය කරන්න.
මේ ලියන මම උසස් පෙළ පළමු වර අසමත් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද....? ඔව් ඒක ඇත්ත...අසමත් වුනේ ගණිත විශය ධාරාවේ අයට කවදත් පෙන්නන්න බැරි රසායන විද්‍යාව....එසේ මෙසේ අසමත් කමක් නොවෙයි ලකුණු 13යි. මේ වැටුණු අමාරුවෙන් ගොඩ එන්න ගිහින් එක එක අත් හදා බැලීම් කරනකොට තමයි මේ කියන්න යන ක්‍රමය මතුවුනේ....! ඒ කියන්නෙ මේ ක්‍රමය පාවිච්චි කරල මාස කිහිපයක් ගතවෙනකොට රසායන විද්‍යාවට මම රැස් කළ ලකුණු සාමාන්‍යය 92ක්.  (ඒ සඳහා ඉතින් ඉස්සෙල්ලම් ඒ විෂයයට තියෙන අසාධාරණ වෛරය නැති කරන්න ඕනෙ. ඒ කියන්නෙ ඒකට කැමැත්තක් කෘතිමව හරි ඇති කරගන්න ඕනෙ.)

ඔය තරම් අගය කරන මේ අමුතු ක්‍රමය මොකක්ද කියල දැන්වත් බලමු.

ඉස්සෙල්ලාම සම්ප්‍රදායික විදියට කෙටි සටහනක් හදා ගන්න. හැබැයි කරුණු වාක්‍ය විදියට තවමත් තියෙන්න බෑ. (තාමත් එහෙම නම් ඔබ හදල තියෙන්නෙ ෂෝර්ට් නෝට් එකක් නොවොයි, ලෝන්ග් නෝට් එකක්.) තියෙන්න ඕනෙ කරුණු ලැයිස්තුවක් විදියට.

උදා.
ප්‍රධාන මාතෘකාව.
  හැඳින්වීම
වැදගත් කරුණු.
  1. පළමු කරුණ.
  2. දෙවන කරුණ.
  3. තෙවන කරුණ.
  4. සිවුවන කරුණ.
උප මාතෘකාව 1
  1. පළමු උප කරුණ.
  2. දෙවන උප කරුණ.
  3. තෙවන උප කරුණ.
  4. සිවුවන උප කරුණ.
  5. පස්වන උප කරුණ.

මේ ආකාරයට ඇත්තම කෙටි සටහනක් හැදීගෙන යනවනම් මීලඟට සපයා ගන්න තියෙන්නෙ බිත්ති පුවරුවක්. එක්කෝ කළු ලෑල්ලක්, වියදම දරා ගන්න පුළුවන්නම් වයිට් බෝර්ඩ් එකක්. (රට හුණු හෝ ලියන වයිට් බෝඩ් මාකර් පෑන් ඕන වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.)

දැන්, ඉස්සෙල්ල ගන්න මුල් පිටපත. (කෙටි සටහන නොවෙයි.) කියවන්න එක පිටුවක් හෝ එක කුඩා පරිච්චේදයක්. දැන් ඒ පොත පැත්තකින් තියන්න. තියල සුව පහසු විදියට හිඳගෙන හරි හෙමින් ඇවිදින ගමන් හරි (හාන්සි වෙන්න යන්න එපා නින්ද යයි!) කියෙව්වෙ මොනවද කියල දල වශයෙන් අදහසක් තියෙනවද කියල (අඩු ගානෙ මොකක් ගැනද මේ පාඩම කියලවත්) හිතින් විමසල බලන්න.
දැන් ගන්න කෙටි සටහනේ අදාල කොටස. කලින්ට වඩා හොඳ අවාධානෙන් හෙමීට කියවන්න. තමන්ට මේ කරුණ ඉතා පැහැදිලියයි හැඟෙන තරමට කියවන්න. (මේ වෙලාවෙදි මතක තියාගන්න උත්සාහ දරන්න එපා.) පිටුවකට (මුළදි පිටු බාගෙක කරුණු වුනත් කමක් නෑ.) වඩා කියවන්න යන්න එපා වැඩේ හුරු වෙනකම්.

අන්තිම වතාවටත් කියවපු කොටසට බැල්මක් දාන්න. ඒ දාන ගමන් එක් එක් කොටසෙ කරුණු / උප කරුණු කීයක් තියෙනවද කියල විතරක් මතක තියාගන්න. උදාහරණයක් විදියට ප්‍රධාන කරුණු 4යි.
දැන් කෙටි සටහනත් සම්පූර්ණයෙන්ම වහන්න. වහල පැත්තකින් තියන්න. අතට ගන්න එපා. හිස් අතින් යන්න බෝර්ඩ් එකට*. හිතින් මතක් කරමින් අදාල කරුණු 4 ලියන්න උත්සාහ කරන්න. පිළිවෙල වැදගත් නෑ. මතක් වෙන විදියට ලියන්න. (පස්සෙ පුළුවන්නම් පොත නොබලා ආපහු පිළිවෙලට ලියන්න.) කොහොමහරි හරි පොත නොබලා අමාරුවෙන් මතක් කරගෙන ලියන්න උත්සාහ කරන්න.
බැරිම වුනොත් ලියපු දේවල් සම්පූර්ණයෙන්ම මකලා ආපහු සටහන අරගෙන කරුණු 4ම බලන්න. නැවත පොත වහල බෝර්ඩ් එකට ගිහින් (හිටගෙන.) කරුණු 4ම එකපාර ලියන්න උත්සාහ කරන්න. මේ විදියට සියළුම කරුණු එකපාර පොත නොබලා ලියන්න පුළුවන්නම් වැඩේ ගොඩ.

උප කරුණු 5ටත් මේ විදියටම කරන්න. මතක තියාගන්න පොත වහල බෝර්ඩ් එකට යන්නෙ ඉතාම සැහැල්ලුවෙන්. ඔලුවෙ වැඩ කරන්නෙ මතක තියාගත්ත සංකීර්ණ කරුණු වෙනුවට 5 කියන සරල ඉලක්කම විතරයි.!

රූප සටහන් මතක තියාගන්නෙත් මීට සමාන ක්‍රමේකට.




මේ රූපය බලන්න. ඒකෙ කොටස් නම් කරල තියෙන හැටි බලන්න. බෝර්ඩ එකට යනකොට ඔලුවෙ වැඩ කරන්න ඕනෙ 'වම් පැත්තෙ 7යි, දකුණෙ 6යි. නැතිනම් ඔක්කොම 13 යි.' කියන එක. එක පාරටම 13ම මතකෙන් නම් කරන්න බැරිවෙන එක ඉතාම සාමාන්‍යයි. මානසිකව වැටෙන්න එපා. ඕනම කෙනෙකුට එහෙමයි. නැවත නැවතත් උත්සාහ කරන්න. හැබැයි සියල්ලම නම් කරන්න හැකි වන තුරු.

මේක සෑහෙන වෙලාව ගතවෙන වැඩක් කියල මම දන්නව. ඒක නිසා අන්තිම මොහොතෙ පාඩම් කරන්න ගොඩ ගහගන්න අයට මේකෙ ප්‍රයෝජනයක් නෑ. අනිත් එක වැඩේ හුරු වෙනකම් ටිකක් අමාරුයි. හිත එකඟ කරගන්න එක අමාරුයි තමයි. හැබැයි ඒක නිකම් ඉඳලා නොවෙයි, පුහුණුවෙන් ප්‍රගුණ කරගන්න පුළුවන් එකක්. අත්දැකීමෙන් කියන්නෙ.
සිහිකල්පනාව සහ මතක ශක්තිය මේ පුහුණුවත් එක්ක පහළවෙන ඒවා. මේ පුහුණුව කොතරම වැදගත්ද කියනවනම් විශ්වවිද්‍යාලෙදි ගොඩක් විශයයන් ඉතාම ඉහලින් සමත් වෙන්න දේශනයට සහභාගී වෙලා හොඳ අවධානයෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වුනා. ඒ කියන්නෙ සමහර විෂයයන් වලට මම අධ්‍යයන නිවාඩුවෙ පාඩම් කළෙත් නැහැ. පාඩම් කරන්න සටහන් තිබුණෙත් නැහැ. තිබුණත් තිබුණෙ පිටු 2-3ක් විතරයි. ඒ කාලෙ කලේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම. නමුත් ප්‍රතිඵලවල කිසිම අඩුවක් නැහැ. මේක අදටත් ගොඩක් අය විශ්වාස නොකළත්, ඇත්ත තත්වය. මේක කරන්න බැරි දෙයක් කියලයි එයාලගෙ අදහස. මම කියන්නෙ පුළුවන්, හැබැයි ගිරවා දැමීමෙන් නොවෙයි, දෙයක් තේරුම් ගැනීමෙන් පමණයි ඒ දේ කරන්න පුළුවන්. 
ඔබ සරසවි ශිෂ්‍යයෙක්නම් අනිවාර්යයෙන්ම හැමදාම දේශන වලට යන්න. එය ඉතා වැදගත්. මොකද දේශනය ඔබට තේරෙන්නෙ නැතිනම් දේශකයා කියන හෝ ලියන දේ ඒ ආකාරයෙන්ම සටහන් කරගෙන පස්සෙ තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්නේ.(තනිවම හරි තව කෙනෙක්ගෙ උපකාරය ඇතුව හරි.) (මම දන්නවා ඇවිත් බෝර්ඩ් එකට උගන්නලා යන යන මහාචාර්යවරු ඉන්නවා. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. අපි කරන්නෙ ඉතින් පෑන ලියවෙනවද බලන්න බෝර්ඩ් එකේ ඉරක් ඇන්දත් ඒකත් ඒ විදියටම සටහන් කරගන්න එකයි. පස්සෙ සටහන තේරුම් ගන්නකොට තමයි අපිටම හිනා යන්නෙ..!!)  තේරෙන්නෙ නෑ කියන එක දේශන මගහරින්න සාධාරණ හේතුවක් නොවන බව මතක තබා ගන්න. එතකොට වෙන්නෙ (දවසක් හෝ කිහිපයක් මගහැර යළි දේශන වලට සහභාගී වෙන දවසට ) කොහෙත්ම තෙරෙන්නෙ නැතුව යන එකයි. මොකද අළුත් පාඩමට කළින් දේශන වල සම්බන්ධයක් තියෙන්න පුළුවන්. 
එක එක ගුරුවරු උගන්නන විදියත්, එක එක ශිෂ්‍යයාගේ මතක ධාරිතාවත් වෙනස් කියලා මම දන්නවා. හැබැයි ඔය කියපු දෙවෙනි කරුණ ඕනම කෙනෙකුට උත්සාහයෙන් වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා කියන්නෙ අත්දැකීමෙන්. ඒකට මේ කියල තියෙන මතක තබා ගැනීමේ ක්‍රමය පිටුවලක් වේවා කියන එකයි මගෙ පැතුම.

ඉතින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා.........  
අනිත් අයට දැනගන්න shareත් කරලා.....  
ඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න, 
Page එකටත් like එකක් දාන්  
Group එකටත් joinත් වීගෙන යන ගමන්.... 
FaceBook  පිටුවට යාමට මේ logo එක ක්ලික් කරන්න...! 
https://www.facebook.com/rukaatricks?fref=ts

Saturday, April 02, 2016

ඔයත් hackersලාගෙන් ඇත්තටම ආරක්ෂිතද??? පරිගණක හෝ android devices use කරනවනම් අනිවාරෙන් බලන්න මේක කියවලා...

යාළුවනේ අපි හැමෝම පරිගණක බාවිතය ආරම්භ කරපු මුල් කාලයේ හිතාගෙන හිටියේ පරිගණකය කියන්නේ ගොඩක් ආරක්ෂාකාරී මෙවලමක් කියල. ඒ කියන්නේ අපි හිතාගෙන හිටියේ පරිගනකයේ අපිකරන වැඩ කටයුතු කාටවත්ම හොරකම් කරන්න හෝ අනවසරයෙන් පරිහරණය කරන්න බැ කියල නේද? නමුත් පරිගණක බාවිතයට අරගෙන වැඩි කාලයක් යන්නෙම නැතුව අපි හදුනාගන්නව අපි බාවිතා කරන දේවල් අතරින් වඩාත්ම අනාරක්ෂිතම උපාංගය පරිගණකය බව. ඒ මොකද මේ වන විට කුමන හෝ ආකාරයකින් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි හැමෝම HACK වෙලා තියෙන නිසා.
ඒ නිසා අපි එම HACKING ප්‍රහාර වලින් ආරක්ෂා වීමට අපි දැනගත යුතු වෙනවා ඔවුන් ඒ සදහා බාවිතා කරන උපක්‍රම මොනවාද සහ කොහොමද කියලා..
.






Phishing Attacks
අප බහුල ලෙසම පීඩාවට පත් වන ක්‍රමය ලෙස මෙය හැදින්විය හැක. එනම් මේ ක්‍රමය බාවිතා කරන hacker කරුගේ ග්‍රහණයට අප හසු වන්නේ අපගේම වරදින් වේ. එහිදී අප විසින්ම hacker කරුට අවශ්‍ය කරන තොරතුරු ඔහු වෙත අප ලබාදෙන්නේ අපගේම නොදනුවත්කමින්ය. එනම් නිල web අඩවියක් ලෙස කිසි ලෙසකින්වත් හදුනාගත නොහැකි වන සේ සැකසූ ව්‍යාජ web අඩවියක් වෙත නොදැනුවත්කමින් පිවිසී එම ව්‍යාජ web අඩවිය වෙත තමාගේ username,passwords වැනි සියලුම තොරතුරු ලබාදීමෙන්ය.
උදාහරණයක්‌ විදියට අපි හැමදාම log වෙන facebook එකේ loggin page එකේ ආකාරයටම සැකසූ ව්‍යාජ web අඩවියකට අපගේ username, passwords ඇතුල් කර log වීම හැදින්විය හැක. එවිට එය ව්‍යාජ web අඩවියක් නිසා log වීමට නොහැකි බව කියා හෝ කුමන හෝ දෝෂයක් ඇති බව කියා error messages පැමිණේ. ඉන් පසු එම errors නිසා අප නැවත වතාවක් උත්සාහ කිරීම අනිවාර්යෙන්ම කරනු ලැබේ. එසේ නැවත වතාවක් උත්සාහ කිරීමෙන් පසු එම ව්‍යාජ web අඩවිය මගින් නිල web අඩවිය වෙත ඔබව යොමු කරන අතර ඉන්පසු කිසිම අපහසුතාවකින් තොරව ඔබට log වී වැඩකටයුතු කරගත හැක. නමුත් ඒ වන විටත් ඔබගේ සියලුම තොරතුරැ hacker කරුගේ ග්‍රහණයට නතුවී අවසන්වේ. එසේ වන්නේ ඔබ ව්‍යාජ web අඩවිය වෙත ඔබ ඇතුල් කල තොරතුරැ එම web අඩවිය save කරගෙන තිබීම නිසාය. එම නිසා ඒ hacker කරුට ඔබගේ account එක වෙත පිවිසී ඔබගේ අනන්‍යතාවයට අති විශාල හානියක් සිදු කල හැක

බොහෝ විට මෙවැනි ප්‍රහාර සදහා සදහා ලක් වන්නේ online මුදල් ගනුදෙනු කරන පරිශීලකයන්ය. Ebay,Paypal,amazon වැනි web අඩවි ලෙස සකසූ ව්‍යාජ web අඩවි විශාල ප්‍රමනයක් දිනකට අන්තර්ජාලය වෙත එක්වේ.
මෙම ව්‍යාජ web අඩවි මගින් අප ආරක්ෂා වීමට නම් අප කලයුතු ප්‍රදානම ක්‍රියාව වන්නේ අප පිවිසෙන web අඩවියේ web URL එක නොහොත් web ලිපිනය හොදින් පරීක්ෂා කර බලා එය නිවැරදිම ලිපිනය බව තහවුරු කර ගැනීම වේ.
යම් කිසි වැරදීමකින් එම ව්‍යාජ අඩවියක් වෙත තොරතුරු ඇතුලත් වූ බව ඔබට හැගෙනම් කල හැකි එකම කාර්ය වන්නේ ඔබගේ username හා password වෙනස් කිරීමය්. තමාගේ passwords කාලයෙන් කාලයට මාරු කිරීමත් අනිවාර්යෙන්ම සිදු කල
යුතු දෙයකි.





Spywares
Spywares අප වෙත පැමිණෙන ආකාර කිහිපයක් ඇත. එනම් අප අන්තර්ජාලය දිගු කාලයක් බාවිතා කරන විට අපගේ රුචි අරුචිකම් හෙළිවේ. ඒ අප පිවිසෙන web අඩවි වලට අනුවය්. කාලයක් තිස්සේ එම web හැසිරීමේ තොරතුරු රැස් කරන hacker කරුවන් එම තොරතුරු අලවිකරණ සමාගම් වෙත විකුණනු ලැබේ. අපගේ email ගිනුම් කරදරකාරී email වලින් පිරී යාමට සහ නොයෙකුත් popup පැමිණීමට ප්‍රදනතම හේතුව මෙය වේ. එනම් hacker කරු විකුණු තොරතුරු වලට අනුව වෙළද ආයතන විසින් එවන ලබන දැන්වීම් එම popup වල සහ spam වල ඇතුලත්ව තිබේ.


එම කරදරකාරී email වලින් සහ popup වලින් බේරීමට නම් free download පෙන්වන විවිධ web අඩවි වෙත පිවිසීම අඩු කල යුතු වේ. ශක්තිමත් wirewall එකක් බාවිතා කිරීමෙන්ද මෙය යම් තාක් දුරකට අඩු කර ගත හැක.
Spyware ලෙස හැදින්වෙන තවත් භයානක උපක්‍රමික මෘදුකාංගයක් වන්නේ Keylogger මෘදුකාංගය්. එමගින් පරිගනකයක සිදු කරන සියලුම ක්‍රියාකාරකම් පිළිබදව තොරතුරැ එක් රැස් කර එය hacker කරු වෙත auto ම යැවීම සිදු කරයි. එමගින් අප යතුරුපුවරුවේ type කරන සියලුම දේ මෙන්ම screenshot පවා එම මෘදුකාංගය විසින්ම ලබාගෙන අප අන්තර්ජාලය හා සම්බන්ධ වූ විගසම එය hacker කරු වෙත යැවීම සිදු කරයි.
මෙම spywares අප වෙත පැමිණෙන ක්‍රම ගණනාවක්ම තිබේ. එනම් අප අන්තර්ජාලයෙන් අපට අවශ්‍ය කරන යම් කිසි මෘදුකාංගයක් සොයන විට එම මෘදුකාංගය ලබාදීමට hacker කරුවන් ඉදිරිපත් වේ. ඉන්පසු ඒ hacker කරුවන් බව නොදත් අප එම මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරනු ලැබේ. නමුත් එම hacker කරුවන් අපහට එම මෘදුකාංගය ලබා දී අත්තේ keylogger නමින් හදුන්ව spyware එකක් සමගය. ඒ බව නොදත් අප නොදැනුවත්වම කරන ලැබූ එම ස්ථාපන කිරීම නිසා අප එම hacker කරුගේ ග්‍රහණයට හසුවී හමාරය. එනම් එම spyware එක අපහට කිසිසේත්ම දැනගත නොහැකි වන සේ අපගේ තොරතුරු රැස් කර ඒවා hacker කරු වෙතයවනු ලැබේ.
මෙමගින් පමනක් නොව ඇතැම් internet kafe වලද මෙම spywares install කර ඇත්තේ තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සොරකම් කිරීමටය්. සමහර කාර්යාල පරිගණක වලද මේවා ඇතුලත් කර තිබේ.
මේවාගෙන් ආරක්ෂා වීමට නම් අප කල යුත්තේ internet kafe ආදී පොදු පරිගණක භාවිතයේදී email passwords,bank account numbers, credit card numbers ආදිය භාවිතයෙන් වැළකීම වේ. තවද free softwares ගැනීමේදී හොදින් සොයා බලා ගැනීමද කල යුතු දෙයකි. තවද ගුණාත්මක භාවයෙන් යුතු virus guard එකක් බාවිතා කිරීමේන්ද මෙම අවදානම අඩු කර ගත හැක. එසේ වුවත් අප මොන තරම් ආරක්ෂක උපක්‍රම බාවිතා කලත් සැමවිටම එම උපක්‍රම බිද දමා තමාගේ කාර්ය සිදු කරගැනීම ඇති දක්ෂ hacker කරුවන්ට කිසි සේත්ම අපහසු කාර්යක් නොවේ.
මම මෙම ලිපිය මගින් හඳුන්වා දී අත්තේ hacker කරුවන් බාවිතා කරන ඉතා ප්‍රාථමික ක්‍රම 2කි. නමුත් අද වන විට ලෝකයේ බාවිතා වන සැම ආරක්ෂක ක්‍රියාමාර්ගයක්ම බිද හෙලීමට තරම ප්‍රබල hacker කරුවන් අති විශාල ප්‍රමානයක් මුලු ලෝකය පුරාම විසිරි ඇත. එය කෙසේද කියනවනම් රටවල් අතර cyber wars ඇති වීමට තරම් එය අද ප්‍රබල වී තිබේ.කෙසේ නමුත් මේ වන විට මුලු ලෝකයම වගේ මෙම Hacker කරුවන් වෙත ශීග්‍රයෙන් හසුවී තිබීම මේ මුළු ලෝකයටම ඉතා දරුණු තර්ජනයක් වනු නොඅනුමාන වේ…හැබැයි මොනා උනත් අහිංසක රුකාවනම් ඕවට ගාවගන්න එපා ඔන්... දැනගන්නයි කිව්වේ ඔක්කොලාටම... හි හී... එහෙනම් ටටා...
 

තින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා.........  
අනිත් අයට දැනගන්න shareත් කරලා.....  
ඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න, 
Page එකටත් like එකක් දාන්  
Group එකටත් joinත් වීගෙන යන ගමන්.... 
FaceBook  පිටුවට යාමට මේ logo එක ක්ලික් කරන්න...! 
https://www.facebook.com/rukaatricks?fref=ts

හම්බුනාද IDM අළුත්ම එක කස්ටිය... නෑනේ?? මෙන්න crack එක එක්කම උස්සන් ආවෝ...



ඔන්න අද රුකා උස්සන් ආවා  Internet Download Manager  හි නවතම සංස්කරණය වන (IDM) 6.25 Build 14 මෙමගින් ඉතාමත් ඉක්මනින් හා පසුවෙන් අපට අවශ්‍ය ඕනෑම වීඩියෝවක් ,සොෆ්ට්වෙයාර් , ඩොකියුමන්ට්ස් වෙනත් ඕනෑම ෆයිල් එකක්  වේගයෙන් හා පහසුවෙන් Download කර ගන්න පුලුවනි. අය ඕක ගැන නම් අපේ උදවියට කියා දෙන්න දෙයක්යැ නැද්ද? හරි හරි seen එක මේකයි...
මේක ඒ අපි හැමෝම දන්න Internet Download Manager කියන එකේ අලුත්ම version එක....


Screen :
Title: Internet Download Manager 6.25 Build 14
Filename: idman625build14.exe
File size:6.52MB (6,832,568 bytes)
Requirements:Windows (All Versions)
Languages:Multiple languages
License: Shareware
Date added: March 14, 2016
Author:Tonec Inc.
                              www.internetdownloadmanager.com
MD5 Checksum: AAB6AD655872269E12A20620CBCDE744
IDM 6.25 build 9 Setup (Rukaatricks.blogspot.com)

ඉතින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා......... අනිත් අයට දැනගන්න shareත් කරලා.......

https://www.facebook.com/rukaatricks?fref=tsඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න, 
page එකට joinත් වීගෙන යන ගමන්....
ඔබගේ සහයෝගයත් දක්වගෙනම යන්න...
FaceBook  පිටුවට යාමට මේ logo එක ක්ලික් කරන්න...! 

Sunday, March 06, 2016

Windows 10 ඔටෝ update වෙන එක නවත්තගන්න බැරුවද ඉන්නේ... එහෙනම් මෙන්න මේක කියවල ඉන්ඩලාකෝ...


Windows 10 ඔටෝ update වෙන එක නවත්තගන්න බැරුවද ඔයත් ඉන්නෙ හරියට මං හිටිය වගේ...
කොහෙද හෙව්වට මොකේකවත් සිංහලෙන් බලල ක්‍රමේ අල්ලගන්නත් නෑනේ නේද???
හරි! හරි!! එහෙනම් මෙන්න මේක කියවල ඉන්ඩකෝ...

8.1වල නම් ඔය කොහේ හරි යන crack එකක් ගහගත්තට පස්සේ update වලට ගිහින් මේන් මෙතනින් ලේසියෙන්ම වැඩේ ගොඩ දා ගත්තනේ නේද???

එත්.......
10 වලත් මෙහෙම පෙන්නනවා...


හැබැයි අපේ crack කරපු ඒවායේ නෙවෙයී....

අපේ එව්වයේ මෙහෙමනේ ඉතින් ඒ පිටුවට ගියාම....

නැද්ද???

ඇත්තමයි 10 ගැහුවට පස්සේ මාත් සති 3 4ක් යනකම්ම net ආවෙ ෆෝන් එකෙන් විතරමයි....
ඇයි අප්පා WiFi connect වෙනවා විතරයි මතක...
එතකොට බැලුවම මෙහෙම පෙන්නන usage meeter එක....

පහුවදා බලද්දි...
එතකොට ඉතින් පුදුමාකාර සතුටක් දැනෙන්නේ නේද?
අවුලක් නෑ මාත් ඒ සතුට වින්ද...
ඒ නිසා මං වැඩේ ගොඩ දාගන්න විදිය ඔයාලටත් කියල දෙන්න ඕනේ කියල හිතුව...
මේකයි ක්‍රමේ.....
2ක් තියෙනවා.....
WiFi නම් ඔයත් use කරන්නේ මේක තමා ලේසි වැඩේ...


Settings page එක open කර ගන්න...
Network & Internet යන්න...
ඒකෙ පහලට ගියාම තියෙන “Advanced options” ගන්න.....
එතන පෙන්නයි ඔයා connect වෙලා ඉන්න Wi-Fi networksටික....
එකෙන් ගිහින් Enable කරන්න “Set as metered connection”කියන එක....
එතකොට updates ආයේ auto download වෙන් නෑ...
එක තමයි පලවෙනි විදිය...

ඒක set නැත්නම් මෙන්න අනිත් විදිය.....



 
Run එකට යන්න...
මෙහෙමයි Windows Key + R එකයි දෙක එකට ඔබන්න...
ඒකෙ මේ පහලින් තියන වචනේ ගහන්න... 
copy කරල paste කරගන්නකෝ... 

       gpedit.msc
දැන් Enter යතුරට වැරෙන් පහරක් එල්ල කරන්න...
එකේ මේ විදියට ඉස්සරහට යන්න select කරන්....
Navigate to Computer Configuration--->
Administrative Templates--->
Windows Components--->
Windows Update--->


ඕන් එතකොට ඔන්න ඔහොම page එකේ නවතියි මං කියපු දුරටම ආවනම්...
දැන් ඉතින් මහා වැඩක් නෑ...
ඔකේ ඔය select වෙලා තියෙන Configure Automatic Update කියන එක double-click කරන්න...
එතකොට තව පිටුවක් එයි මෙන්න මෙහෙම....
ඊකෙ “Enabled” දාල,
“Auto download and notify for install” වෙනුවට “Notify for download and notify for install” දාන්න...
Save කරන්න...
දැන් ආයේ හිතුමතේ data යන එකක් නෑ ඔයාගේ...
හැබැයි windows මහත්තුරු නම් කියන්නේ වෙනත් ක්‍රම මගින් update වෙන එක නවත්තන්න එපා කියල...
මන්දා... හිතල කරගන්නවානම් කරගන්න....

රුකා tricksඔන්න මං ක්‍රමේ දුන්න ගුරු මුට්ටිය නැතුන්...
එහෙනම් රුකා කැපෙන්නයි ලැහැත්ති වෙන්නේ...
ඔයාලට තියෙන වෙන technic ප්‍රශ්නත් අපේ FB group එක හරහා අපිට එවන්න....
මෙන්න link එක මේ රූපෙ click කරන්න...

Tuesday, February 17, 2015

Windows 10ම චාටර් කරන එකම කේස් එක Watermark එක අයින් කරමු.

ඔන්න කස්ටියම දන්නවා ඇතිනේ Windows 10 Technical Preview එකක් ආවා කියලා. මං හැමෝටම Windows 10 ඩිරෙක්ට් බාගන්නත් දුන්නා මතක ඇතිනේ!!
තාම බාගත්තෙ නැත්නම් හරි ඒ බාගන්න දුන්න ලිපිය කියෙව්වේ නැත්තම් හරි මෙතැනින් ගිහින් බලන්න -

මේක ඇත්තම Windows 10 තමා,නොමිලේම ඩිරෙක්ට් බාගන්න!

ඉතින් ඒ බාගත්ත Technical Preview එකේ යටින් Watermark එකක් තියෙනවා. මොකද ඒක ටෙස්ට් කරන්න දුන්න වර්ශන් එකක් නිසා. එහෙම තියෙනකොට හෙන කැතයි නේද??
ඒ නිසා මෙන්න Windows 10 Watermark Remover එක රුකාගෙන් ඔයාලාට...


මෙතැනින් බාගන්න Remover එක.

Water mark Remover by Rukaa Softs

කොහොමද Watermark අයින් කරන්නේ?

  1. ඉහළ ලින්ක් එකෙන් Watermark Remover එක බාලා ඒක Run as Administrator ලෙස ඕපන් කරන්න.
  2. දැන් Remove all watermark කියන තැන Tick එක දාලා Apply new settings කියන එක ඔබන්න.




Thursday, January 15, 2015

මේක ඇත්තම Windows 10 තමා,නොමිලේම ඩිරෙක්ට් බාගන්න!

මෙන්න මචන්ලා සුපිරිම සුපිරි පට්ට බඩුවක්. 
Windows 10 කිව්වාම ඉතින් පිස්සු හැදෙනවා නේ?? 
අපේ 'Axel' සහෝදරයට හෙම හෙන ප්‍රශ්නයක් උනානෙ... මේක කොහෙන්ද ගත්තෙ? කොහොමද ගත්තෙ? වගේ ඒව.... ඕං මචංලා.... බාගන්නකෝ...

    # ඇත්තමද??? #
ඔව් මේක ඇත්තම Windows 10 තමා. හැබැයි Technical Preview එකක්. ඒ කියන්නේ තාම මේක හදන ගමන් තියෙන්නේ. ඒ නිසා මේකේ තියෙන අවුල් මොනාද අරවා මේවා චෙක් කරන්න තමා මෙහෙම Technical Preview එකක් මුලින්ම දෙන්නේ. ඉතින් මෙන්න ඔයාලා හැමෝටම මගෙන් Windows 10 Technical Preview ISO ‍ෆයිල්ස් නොමිලේම ඩිරෙක්ට් බාගන්න අවස්ථාවක්! ඔයාලත් එහෙනම් දාගෙනම බලන්න කොහොමද අලුත්ම Windows කියලා.... :D :D

Windows 8 වලටත් වඩා අලුත් පට්ට වැඩ කෑලි ටිකක් නම් තියෙනවා මේකේ.

රුකාsoft වලින් ඩිරෙක්ට් බාගන්න - 

Download (2.93 GB) Download (3.81 GB)


මෙන්න ප්‍රොඩක්ට් කී එක. (Product Key)

 NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR
Copy කර්ල නම් ගන්න බැරි වෙයි... Sorry ආ... බලාගෙන ගහගන්න තමයි වෙන්නෙ?


මෙන්න ස්ක්‍රීන් ෂොට් ටිකක්...


  
ඔන්න එහෙනම් මේ සුපිරි බඩු කෑල්ල දාගෙනම හොඳ නරක කොමෙන්ට් කරන්නකෝ!!


Saturday, November 08, 2014

Windows 9 වෙනුවට Windows 10




Windows 8 මෙහයුම් පද්ධතිය පැමනියාට පසුව Windows 9 මෙහයුම් පද්ධතිය එලි දක්වයි කියලා තමා හැමෝම වගේ හිතුවේ. නමුත් Microsoft විසින් Windows 10 නවතම මෙහයුම් පද්ධතිය බව හෙලි කරා. ඒ අනුව අපිට windows 10 වල ලැප්ටොප් හා ඩෙක්ස්ටොප් සඳහා වෙන technical preview එක අත්හදා බලන්න අවස්ථාව ලැබෙනවා. Windows 8 මෙහයුම් පද්ධතියට වඩා Windows 10 වේගවත් වෙයි කියලා තාක්ෂණයට ප්‍රිය කරන හැමෝම වගේ හිතනවා.

Windows 8 භාවිතා කරන හුගක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි Start menu එක නොමැති වීම. නමුත් Windows 10 සමග සුපුරුදු Start menu එකත් පැමිනෙනවා. Windows Phones සදහාද පැමිණෙන නවතම මෙහයුම් පද්ධතිය Windows 10 බව Microsoft සමාගම ප්‍රකාශ කර තිබේ

Like and Follow on Facebook