ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Thursday, November 03, 2016

"උබුන්ටු සිංහලෙන්" ආරම්භය ගැනයි මේ...

ඊලග පෝස්ට් එකේ ඉදන් කතා කරමු කිව්වෙ මේව ගැනනෙ ටිකක්...
ඒ උනාට මෙහෙමනේ අපි වෙනම මාතෘකාවක් ගැන කතා කරන නිසා...
සහ මේ ගැන ගොඩක් කතා කරන්න ඕනෙ වගේම කතා කර්ල ඉවර කරන්න බැරි නිසා,
මම හිතුව අලුත්ම blog එක්කින්ම ඒ ගැන කතා කරන්න පටන් ගන්න කියලා...
ඉතින් මගෙ best friendටත් කියල මුලින්ම 1st එයාගෙන්ම ඇහුව වැඩේ ගැන...
"man den hoyala beluwa beluwa beluwa, lakawe free OS gena igenaganna sinhala site aththema neee... mama aluthen ekak patanganna kiyala yannee...."
එයා බොක්කෙන්ම කිව්ව එක පාරම,
"Sha hodaineeeee patan gannkoo ithin"
ආය මක්කැයි කිව්වලු! මාර ෆිට් එකක් ආවෙ බොලව්...
ආය බොරු නෙවේ... එකෙන්ම ඈ...
ඔන්න එයා මේක කියෙව්වනම් පහල comment section එකෙන් ඒ බොරු නෙවේ කියල යන්න ඈ...
කොහොම කොහොමහරි ඉතින් එයාටම කිව්ව එහෙනම් වැඩේ පටන්ගන්න නමක් කියන්න කියලා...
එයා නමක් හිතනකම් තමා මම මේක ලියන්නෙ මේ...
ඉතින් මගෙ යෝජනා ටික උනේ,
"Linux sinhalen"
"Ubuntu Sinhalen"
"Linux Lanka" කියන එව්වා...
එකක් තෝරලා දෙනකම්...
එහෙම නැත්නම්...
වෙන නමක් දෙනකම් මෙතන්ට ආවනේ...
ඉතින් මෙන්න Final decission ලැබුනා....
එහෙනම් linux base free OS එකක් වෙන Ubuntu ගැන,
 හැමදේම මුල ඉදන් සරළව සින්හලෙන්ම කතා කරන,
උබුන්ටු සින්හලෙන්
ඇරඹුමයි මේ...
වැඩේ පටන් ගත්තු ගමන් මෙන්න මේ පහල රූපෙ click කර්ල ඔයාට Ubuntu ගැන ඉගෙනගන්න පටන්ගන්න පුලුවන්....
Click here to visit "Ubuntu Sinhalen"

ඔයත් අදම ඔය පස්ස්ස්ස්ට slow windows වලින් අයින් වෙලා,
සම්ප්‍රදාය අතික්‍රමණය කරාවි කියල මම හිතනවා...
අදට රුකා නවතිනවා...
"උබුන්ටු සිංහලෙන්" සමගින් යලි හමු වෙමූ....

Windows ඇති නේද? මාරු වෙමු දැන් Free OS එක්කට... මොනාද අහන්න කලින්, කියවල ඉමුකෝ...

Free OS එක්කට...???
ඔව් ඔව් ඔව්... Free OS එක්කට...
 
මුලින්ම කතා කරමු මේක අපි... ඇයි ඉතින් ඔය අගේට වින්ඩෝස් තියෙද්දි මෙව්වා...???
ජීවිතේටවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැතිව බොහෝම අවංකව ජීවත් වෙන බොහෝමයක් දෙනා පරිගණක ක්ෂේත්‍රයෙදි හරිම ලේසියෙන් හොරුන් බවට පත් වෙනවා. එහෙම හොරු වෙන සුලභම ක්‍රමය තමා අනවසර, නීතිවිරෝධි, මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතා කරන එක. 
හරි චුට්ටක් තමන්ගෙන්ම අහලා බලන්න මේ වනකොටත් ඔබ මෙම මංකොල්ලකන ලද මෘදුකාංග කීයක් නම් භාවිතා කර ඇද්ද..? 
භාවිතා කරනවා ඇද්ද...? 
ඉතින් දැන් මේ හොරකම් නවත්වන්න කාලය ඇවිත්. ලංකාවේ නීතියෙන් පවා තහනම් කරන ලද මේ මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතයෙන් ඉවත් වී ඔබේ අවංක බව පරිගණකය ඉදිරියෙත් රැක ගැනීමට අවස්ථාව උදාවී ඇත.
 
මංකොල්ලකාපු මෘදුකාංග! ඈහ්??? ඇයි ඉතිං මංකොල්ලකාපු මෘදුකාංගම...????
අපිට පරිගණකයක් භාවිතා කිරීමේදි මූලිකවම මෙහෙයුම් පද්ධතියක් සහ අපගේ අවශ්යතාවයන්ට ගැලපෙන පරිදි අදාළ මෘදුකාංග භාවිතා කිරීමට සිද්ධ වේ.
මෙලෙස අපි භාවිතා කරන බොහෝමයක්  මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති වාණිජ ඒවා වන අතර ඒවා නීත්යානුකූලව භාවිතා කිරීමට විශාල මුදලක් අදාළ සමාගම් වලට ගෙවීමට සිදුවනු ඇත.
උදාහරණයක් විදියට...
Microsoft සමාගමේ Windows O/S එක $119.99 සිට ඉහලට, එනම් ලංකාවේ මුදලින් නම් රු: 15,901/= සිට ඉහලට,
ජායාරූප සංස්කරණ කටයුතු සදහා යොදාගන්නා Adobe සමාගමේ Photoshop $592.88 සිට ඉහලටද.. එනම් රු: 78,568/= සිට ඉහලටද,
පරිගණකය භාවිතයෙන් නිර්මාණ කටයුතු සිදු කිරීම සදහා භාවිතා කරන AutoDesk සමාගමේ
AutoCAD වගේ දෙයක් ගත්තොත් $4,490.00 සිට ඉහලටද.. එනම් රු: 595,014/= සිට ඉහලටද,
ආදි වශයෙන් උදාහරණ බොහෝමයක් පෙන්නන්න පුළුවන්. 
නමුත් ලංකාවේ අපි බොහෝමයක් අලුතින් පරිගණකයක් මිලදී ගැනීමටවත් මෙතරම් මුදලක් වැය කරන්නේ බොහොම කලාතුරකින්නේ. ඉතිං විකල්පයක් විදිහට බොහෝ දෙනා කරන්නේ පදික වේදිකාවෙන් හෝ පුංචි CD කඩයකින් හොර බඩු ගන්න එක. නමුත් ඒක කොහොමටවත් ගැලපෙන්නේ නැති හොර වැඩක්. ඒක ඒ මෘදුකාංග සංවරධනය කර ශිල්පීන්ට කරන ලොකු අසාධාරණයක්නෙ!
 
ඒ නිසා පරිගණක භාවිතා නොකර ඉන්නද???
ඉතිං මේ ගැටළුවට තියෙන එකම විකල්පය හොර බඩු පාවිච්චිය නම් නෙවේ. අපිට ඕනේ විදිහට පරිගණකය භාවිතා කිරීමට අවශ්ය වෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංග නොමිලේම ලබාගැනීමට ඉඩ දෙන සමාගම් ඕනෑ තරම් තිබෙනවා නම්, ඒ ශිල්පීන් තමන්ගේ නිෂ්පාදන අපිත් එක්ක බෙදාගන්න සූදානම් නම් මොකටද තවත් මංකොල්ලකාපු හොර බඩු...????
මෙලෙස නොමිලේ ලබාගන්න පුලුවන් නිදහසේ භාවිතා කරන්න පුලුවන් ලොව සුලභම මෙහෙයුම් පද්ධතිය වන Linux තුලින් හා ඒහා බැදුනු මෘදුකාංග භාවිතයෙන් ඔබේ අවංකබව පරිගණකය ඉදිරියේත් රැක ගැනීමට අවස්ථාව ඔබට ලැබෙනු ඇත. තවදුරටත් හොරෙක්, වංචනිකයෙක්, මංකොල්ලකාරයෙක් නොවි නිදහසේ අවංකව පරිගණක ලොකේ පියාඹන්න සෙට් වෙන්න Linux ලෝකෙට.....

මම මේ කල්පනා කරේ...
දැන් නෙවේ අපි ඊලග පෝස්ට් එකෙන් වැඩේට අත ගහමු නේද?
මුල ඉදන්ම කියල දෙන්නම් ඉන්නකො පොඩ්ඩක්ක්...
එහෙනම් රුකා කෑපෙනෝ....

Like and Follow on Facebook