ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts

Wednesday, April 06, 2016

හරියටම මතක හිටින ව්දියට දෙයක් පාඩම් කරගන්න හැටි ඔයා දන්නවද? මෙන්න සාර්ථකම ක්‍රමයක්!!! අත්හදා බලන්න....

හැමදාම දෙන technical වලින් අද ඔන්න පොඩ්ඩක් පිට පැන්න... 
අද මං දෙන්න යන්නේ ඉගෙන ගන්න කියන අපිට හුගාක්ම හුගක් වටින දෙයක්...
ආහ් අනිත් වැදගත්ම දේ...  (තව පොඩ්ඩෙන් අමතක වෙනව)
අනිත්ව වගේ නෙවෙයි, අද මං දෙන්න යන මේ post එකටනම් ඔන්න මගේ කිසිම අයිතිවාසිකමක් නෑ හොදේ... ප්‍රොෆෙසර්ගේ තාක්ෂණික සටහන කියන blog එකේ දැකල තමයි අනිවාරෙන් අපේ යාළුවොන්ටත් හුගක්ම වැදගත් වෙන දෙයක් බව හිතුන නිසා මේකෙත් දාන්න හිතුවේ... ඉතින් මේ අද නම් රුකා දෙන්න යන්න පොස්ටුවේ සම්පුඋර්ණ අයිතිය ප්‍රෝෆා සතුයී... ඔන්න link එක්කම අයිතියි මුල් පිටපත තියන තැනයි කියලම මං මේ දේ add කරා... නැත්නම් blogger කෙනෙක් හැටියට ඒ අයට අසාදාරණයක් වන බව දන්නවනේ...
හොදයි කථා ඇති මෙන්න ඒ වටිනා post එක...

(ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ ලිපිය ඕනෑම විභාගයක් සඳහා සූදානම් වෙන ඕනෑම කෙනෙකුට වැදගත් වෙයි.ඇත්තටම මේක මතක තියාගන්න ක්‍රමයක් ගැන ලියල තියෙන්නෙ. විභාගෙකට විතරක් නොවෙයි යමක් මතක තියාගන්න ඕනෙ ඕනෙම අවස්ථාවක මේ ක්‍රමය අත් හදා බලන්න.)



ඔන්න ඔය ඉහත දක්වලා තියෙන ආකාරයේ පණිවුඩයක් ෆේස්බුක් හරහා හුවමාරු වෙනවා දැකලා මේ සටහන තියන්න හිතුනා.

මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ලකුණු වල සාමාන්‍ය අගය දක්වන මිනුමක් ලෙසට දක්වන්න හැකියි. මෙහි උපරිමය 4.0 හෝ 4.5 දක්වා ගන්නවා. උපාධියේ පන්ති සාමාර්ථය (Class) (උපාධිය හැදෑරීමේදී ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දැක්වූ කුසලතාව පිළිබඳ දර්ශකයක්) ඒ කියන්නේ පළමු පෙළ (1st Class) ද , දෙවන පෙළ ඉහළ (2nd Upper) ද, දෙවන පෙළ පහළ (2nd Lower) ද හෝ සාමාන්‍ය සාමාර්ථයක් (General Pass) ද යන්න තීරණය වන්නේ මෙන්න මේ කියන GPA අගය මත. ගොඩක් වෙලාවට ඉහළ පෙළේ රැකියාවක් හෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අය (ඒ සඳහා සලකා බැලෙන්නේ පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථලාභීන්) හැම විටම මෙහි අගය 4.0 ආසන්නව, අඩු ගණනේ  3.5 ට ඉහළව තබා ගන්න උත්සාහ කරනවා. මේ නිසා සරසවිවල තියෙන්නේ (උසස් පෙළ වගේ) තරඟකාරී විභාග නොවුනත් (තරඟකාරී විභාගයක ලක්ෂණය තමයි සමත් වුනත් සාපේක්ෂව ඉහළම ළකුණු නොගත්තොත් අසමත් වුනා හා සමාන සැලකීම්වලට බඳුන් වීම.), කණ්ඩායමේ කීපදෙනෙක් අතරේ සීතල යුද්ධයක් දකින්න පුළුවන්. අවාසනාවකට මේ අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ කෙසේ හෝ ඒ අරමුණට ළඟා වීම මිසක් විශය කරුණු මනාව වටහාගෙන අවබෝධයකින් කටයුතු කිරීම නොවෙයි. මේකට කියන්නේ කටපාඩම් කිරීම හෝ වනපොත් කිරීම බව කවුරුත් දන්නවා. සරසවි ප්‍රජාව මේකට කියන්නේ 'ගිරවා දැමීම' කියලා.

මේ 'ගිරවා දැමීම' අඩු වැඩි වශයෙන් ජීවිතයේ කඩඉම් තරණය කිරීමේදී හැමෝටම අකමැත්තෙන් වුනත් කරන්න වෙන දෙයක්. පෞද්ගලිකව මම නම් ඒකට අංශු මාත්‍රයක්වක් කැමති නැහැ. අපි හැකි සෑම විටම උත්සාහ කළ යුත්තේ අදාල කරුණ හොඳින් තේරුම් අරගෙන හිතට දාගන්න එකයි. තමන්ට තේරෙන්නෙ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් (කුප්පියක් දා ගන්න.).

කොහොම වුනත් සමහර විශය වල කරුණු මතක තියාගන්නම වෙනවනේ. ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මතක හිටින්නෙ නැති එක. මෙන්න ඒකට අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුමක් (ක්‍රමයක්).
'අය්යෝ ක්‍රම නම් ඔය ඕන කෙනෙකුට කියන්න පුළුවන්....ඒත් කොහොමද ඒව හරි කියල අපි විස්වාස කරන්නෙ...?' කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒක හරි. කෙනෙක් ක්‍රමයක් කියල දෙනවනම් එයා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙන්න ඕනෙනෙ. ඒක තර්කාණුකූලයි. හරි. මේක ලියන මම රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මම මෙතනට ආවෙ මෙ කියන ක්‍රමයෙ සාර්ථකත්වය මත තමයි. දැන් හරිද..?

ආ...හ්. අමතක වුනා. කෙනෙක් කියයි මෙහෙම..."සර්ට නම් ඉතින් ඕක නැතුව වුනත් ඔහොම වෙන්න පුළුවන්...ගොඩ දාන එකා කොහොමත් ගොඩ දානවා...මීටරේ හොඳ නම් ඔය කොයි එකත් එකයි....". ඒ කතාව හරිද වැරදිද කියල මෙන්න මේ කතාව කියවල ඔබම තීරණය කරන්න.
මේ ලියන මම උසස් පෙළ පළමු වර අසමත් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද....? ඔව් ඒක ඇත්ත...අසමත් වුනේ ගණිත විශය ධාරාවේ අයට කවදත් පෙන්නන්න බැරි රසායන විද්‍යාව....එසේ මෙසේ අසමත් කමක් නොවෙයි ලකුණු 13යි. මේ වැටුණු අමාරුවෙන් ගොඩ එන්න ගිහින් එක එක අත් හදා බැලීම් කරනකොට තමයි මේ කියන්න යන ක්‍රමය මතුවුනේ....! ඒ කියන්නෙ මේ ක්‍රමය පාවිච්චි කරල මාස කිහිපයක් ගතවෙනකොට රසායන විද්‍යාවට මම රැස් කළ ලකුණු සාමාන්‍යය 92ක්.  (ඒ සඳහා ඉතින් ඉස්සෙල්ලම් ඒ විෂයයට තියෙන අසාධාරණ වෛරය නැති කරන්න ඕනෙ. ඒ කියන්නෙ ඒකට කැමැත්තක් කෘතිමව හරි ඇති කරගන්න ඕනෙ.)

ඔය තරම් අගය කරන මේ අමුතු ක්‍රමය මොකක්ද කියල දැන්වත් බලමු.

ඉස්සෙල්ලාම සම්ප්‍රදායික විදියට කෙටි සටහනක් හදා ගන්න. හැබැයි කරුණු වාක්‍ය විදියට තවමත් තියෙන්න බෑ. (තාමත් එහෙම නම් ඔබ හදල තියෙන්නෙ ෂෝර්ට් නෝට් එකක් නොවොයි, ලෝන්ග් නෝට් එකක්.) තියෙන්න ඕනෙ කරුණු ලැයිස්තුවක් විදියට.

උදා.
ප්‍රධාන මාතෘකාව.
  හැඳින්වීම
වැදගත් කරුණු.
  1. පළමු කරුණ.
  2. දෙවන කරුණ.
  3. තෙවන කරුණ.
  4. සිවුවන කරුණ.
උප මාතෘකාව 1
  1. පළමු උප කරුණ.
  2. දෙවන උප කරුණ.
  3. තෙවන උප කරුණ.
  4. සිවුවන උප කරුණ.
  5. පස්වන උප කරුණ.

මේ ආකාරයට ඇත්තම කෙටි සටහනක් හැදීගෙන යනවනම් මීලඟට සපයා ගන්න තියෙන්නෙ බිත්ති පුවරුවක්. එක්කෝ කළු ලෑල්ලක්, වියදම දරා ගන්න පුළුවන්නම් වයිට් බෝර්ඩ් එකක්. (රට හුණු හෝ ලියන වයිට් බෝඩ් මාකර් පෑන් ඕන වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.)

දැන්, ඉස්සෙල්ල ගන්න මුල් පිටපත. (කෙටි සටහන නොවෙයි.) කියවන්න එක පිටුවක් හෝ එක කුඩා පරිච්චේදයක්. දැන් ඒ පොත පැත්තකින් තියන්න. තියල සුව පහසු විදියට හිඳගෙන හරි හෙමින් ඇවිදින ගමන් හරි (හාන්සි වෙන්න යන්න එපා නින්ද යයි!) කියෙව්වෙ මොනවද කියල දල වශයෙන් අදහසක් තියෙනවද කියල (අඩු ගානෙ මොකක් ගැනද මේ පාඩම කියලවත්) හිතින් විමසල බලන්න.
දැන් ගන්න කෙටි සටහනේ අදාල කොටස. කලින්ට වඩා හොඳ අවාධානෙන් හෙමීට කියවන්න. තමන්ට මේ කරුණ ඉතා පැහැදිලියයි හැඟෙන තරමට කියවන්න. (මේ වෙලාවෙදි මතක තියාගන්න උත්සාහ දරන්න එපා.) පිටුවකට (මුළදි පිටු බාගෙක කරුණු වුනත් කමක් නෑ.) වඩා කියවන්න යන්න එපා වැඩේ හුරු වෙනකම්.

අන්තිම වතාවටත් කියවපු කොටසට බැල්මක් දාන්න. ඒ දාන ගමන් එක් එක් කොටසෙ කරුණු / උප කරුණු කීයක් තියෙනවද කියල විතරක් මතක තියාගන්න. උදාහරණයක් විදියට ප්‍රධාන කරුණු 4යි.
දැන් කෙටි සටහනත් සම්පූර්ණයෙන්ම වහන්න. වහල පැත්තකින් තියන්න. අතට ගන්න එපා. හිස් අතින් යන්න බෝර්ඩ් එකට*. හිතින් මතක් කරමින් අදාල කරුණු 4 ලියන්න උත්සාහ කරන්න. පිළිවෙල වැදගත් නෑ. මතක් වෙන විදියට ලියන්න. (පස්සෙ පුළුවන්නම් පොත නොබලා ආපහු පිළිවෙලට ලියන්න.) කොහොමහරි හරි පොත නොබලා අමාරුවෙන් මතක් කරගෙන ලියන්න උත්සාහ කරන්න.
බැරිම වුනොත් ලියපු දේවල් සම්පූර්ණයෙන්ම මකලා ආපහු සටහන අරගෙන කරුණු 4ම බලන්න. නැවත පොත වහල බෝර්ඩ් එකට ගිහින් (හිටගෙන.) කරුණු 4ම එකපාර ලියන්න උත්සාහ කරන්න. මේ විදියට සියළුම කරුණු එකපාර පොත නොබලා ලියන්න පුළුවන්නම් වැඩේ ගොඩ.

උප කරුණු 5ටත් මේ විදියටම කරන්න. මතක තියාගන්න පොත වහල බෝර්ඩ් එකට යන්නෙ ඉතාම සැහැල්ලුවෙන්. ඔලුවෙ වැඩ කරන්නෙ මතක තියාගත්ත සංකීර්ණ කරුණු වෙනුවට 5 කියන සරල ඉලක්කම විතරයි.!

රූප සටහන් මතක තියාගන්නෙත් මීට සමාන ක්‍රමේකට.




මේ රූපය බලන්න. ඒකෙ කොටස් නම් කරල තියෙන හැටි බලන්න. බෝර්ඩ එකට යනකොට ඔලුවෙ වැඩ කරන්න ඕනෙ 'වම් පැත්තෙ 7යි, දකුණෙ 6යි. නැතිනම් ඔක්කොම 13 යි.' කියන එක. එක පාරටම 13ම මතකෙන් නම් කරන්න බැරිවෙන එක ඉතාම සාමාන්‍යයි. මානසිකව වැටෙන්න එපා. ඕනම කෙනෙකුට එහෙමයි. නැවත නැවතත් උත්සාහ කරන්න. හැබැයි සියල්ලම නම් කරන්න හැකි වන තුරු.

මේක සෑහෙන වෙලාව ගතවෙන වැඩක් කියල මම දන්නව. ඒක නිසා අන්තිම මොහොතෙ පාඩම් කරන්න ගොඩ ගහගන්න අයට මේකෙ ප්‍රයෝජනයක් නෑ. අනිත් එක වැඩේ හුරු වෙනකම් ටිකක් අමාරුයි. හිත එකඟ කරගන්න එක අමාරුයි තමයි. හැබැයි ඒක නිකම් ඉඳලා නොවෙයි, පුහුණුවෙන් ප්‍රගුණ කරගන්න පුළුවන් එකක්. අත්දැකීමෙන් කියන්නෙ.
සිහිකල්පනාව සහ මතක ශක්තිය මේ පුහුණුවත් එක්ක පහළවෙන ඒවා. මේ පුහුණුව කොතරම වැදගත්ද කියනවනම් විශ්වවිද්‍යාලෙදි ගොඩක් විශයයන් ඉතාම ඉහලින් සමත් වෙන්න දේශනයට සහභාගී වෙලා හොඳ අවධානයෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වුනා. ඒ කියන්නෙ සමහර විෂයයන් වලට මම අධ්‍යයන නිවාඩුවෙ පාඩම් කළෙත් නැහැ. පාඩම් කරන්න සටහන් තිබුණෙත් නැහැ. තිබුණත් තිබුණෙ පිටු 2-3ක් විතරයි. ඒ කාලෙ කලේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම. නමුත් ප්‍රතිඵලවල කිසිම අඩුවක් නැහැ. මේක අදටත් ගොඩක් අය විශ්වාස නොකළත්, ඇත්ත තත්වය. මේක කරන්න බැරි දෙයක් කියලයි එයාලගෙ අදහස. මම කියන්නෙ පුළුවන්, හැබැයි ගිරවා දැමීමෙන් නොවෙයි, දෙයක් තේරුම් ගැනීමෙන් පමණයි ඒ දේ කරන්න පුළුවන්. 
ඔබ සරසවි ශිෂ්‍යයෙක්නම් අනිවාර්යයෙන්ම හැමදාම දේශන වලට යන්න. එය ඉතා වැදගත්. මොකද දේශනය ඔබට තේරෙන්නෙ නැතිනම් දේශකයා කියන හෝ ලියන දේ ඒ ආකාරයෙන්ම සටහන් කරගෙන පස්සෙ තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්නේ.(තනිවම හරි තව කෙනෙක්ගෙ උපකාරය ඇතුව හරි.) (මම දන්නවා ඇවිත් බෝර්ඩ් එකට උගන්නලා යන යන මහාචාර්යවරු ඉන්නවා. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. අපි කරන්නෙ ඉතින් පෑන ලියවෙනවද බලන්න බෝර්ඩ් එකේ ඉරක් ඇන්දත් ඒකත් ඒ විදියටම සටහන් කරගන්න එකයි. පස්සෙ සටහන තේරුම් ගන්නකොට තමයි අපිටම හිනා යන්නෙ..!!)  තේරෙන්නෙ නෑ කියන එක දේශන මගහරින්න සාධාරණ හේතුවක් නොවන බව මතක තබා ගන්න. එතකොට වෙන්නෙ (දවසක් හෝ කිහිපයක් මගහැර යළි දේශන වලට සහභාගී වෙන දවසට ) කොහෙත්ම තෙරෙන්නෙ නැතුව යන එකයි. මොකද අළුත් පාඩමට කළින් දේශන වල සම්බන්ධයක් තියෙන්න පුළුවන්. 
එක එක ගුරුවරු උගන්නන විදියත්, එක එක ශිෂ්‍යයාගේ මතක ධාරිතාවත් වෙනස් කියලා මම දන්නවා. හැබැයි ඔය කියපු දෙවෙනි කරුණ ඕනම කෙනෙකුට උත්සාහයෙන් වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා කියන්නෙ අත්දැකීමෙන්. ඒකට මේ කියල තියෙන මතක තබා ගැනීමේ ක්‍රමය පිටුවලක් වේවා කියන එකයි මගෙ පැතුම.

ඉතින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා.........  
අනිත් අයට දැනගන්න shareත් කරලා.....  
ඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න, 
Page එකටත් like එකක් දාන්  
Group එකටත් joinත් වීගෙන යන ගමන්.... 
FaceBook  පිටුවට යාමට මේ logo එක ක්ලික් කරන්න...! 
https://www.facebook.com/rukaatricks?fref=ts

Sunday, March 01, 2015

ගැහුවද GTA IV ගේම් එක? නැද්ද තාම ! කියවන්නකො පොඩ්ඩක් මේක විශ්වාස කරන්න පුලුවන්ද බලන්න....

හරි අද මන් මේක ගැන කියන්න ගිහින් බන කිය කියා ඉන්නෙ නෑ...
කෙලින්ම මේකයි කේස් එක...


දන්නවනෙ GTA IV ගේම් එක ගැන?
Graphics එහෙම කොහොමද කියල දන් නැත්නම් ඕං තියනව ටිකක්! බලාගන්නකො....




ඉතින් ඕක කඩෙන් ගත්ත නම් DVDකීයක් තියෙයිද?
Net එකෙන් බෑවනම් MB කීයක් කැපෙයිද?

මෙන්න මේකයි ඔයාලට විශ්වාස කරන්න බැරි වෙයි කිව්ව කතාව...
මන් දෙනව අද මේක ඔයලට Compress නෙවෙයි High Compress එකෙත් Compress කරපු ගේම් එක...
Mb or Gb කොච්චරද
හිතන්නකෝ????

                     2.42 MB ක් විතරයි...!
                           හිතාගන්නවත් පුලුවන්ද?

                      මෙන්න මෙතනින් "Rukaa Softs" බාගන්න..



සමහර යාලුවොනම් බම්බුව තමයි fakeනෙ කියල යයි යන්න...
කියනවට විශ්වාස කරන්නකො මම...
බාගෙන install කර්ල බලන්නකො full ගේම් එක තමයි මචංලා...
අහ් ඕක කරන්න ඕන පියවරවල් ටික file එක අස්සෙ Notepad එහෙක ගහල ඇතී
එහෙනම් රුකා කැපුනා... ලයික් එකක් comment එකක් හෙමත් දාගෙන යන්නෝ... ටටා
ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න...)

Sunday, November 09, 2014

හොර කරල Games දිනන්න [හොරා ගේමර්ස්ලට Cheatbook 2014 අලුත්ම වර්ෂන් එක... ]


ඔන්න මෙදා පාර හොරා ගේමර්ස්ලට ගෙනාව සුපිරි භාණ්ඩයක් උණු උණුවෙන්ම. සමහරු මේ ගැන දන්නවත් ඇති. දන්න නොදන්න කොයි කාටත් මෙන්න 2014 අලුත්ම වර්ෂන් එක .. මෙගාබයිට් 62ක් විතරයි; ඔක්කොම ගේම්ස්වල Cheats තියෙනවා.

මෙන්න නොදන්න අයට විස්තරයක්. ගේම් හදන ආයතනවලින් ගේම් එක ප්ලේ කරන්න ලේසි වෙන්න පොඩි පොඩි වැඩකෑලි ගේම් එකට අන්තර්ගත කරලා එවනවා. මේවා ගොඩාක් අය අතර ප්‍රසිද්ධ Cheats විදිහට. මේ ගැන ගොඩාක් අය නම් දන්නවා ඇති. අකුරු ටිකක් ටයිප් කරාම ගේම් එකේ වෙනසක් වෙන්නෙ. සමහර විට කාර් මතුවෙනවා, තුවක්කු, උණ්ඩ මතුවෙනවා. අන්න ඒ කෝඩ්ස් එකතුකරලා හදපු දත්ත ගබඩාවක් තමයි මේ සොෆ්ට්වෙයා එකේ තියෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි ගේම් එක ගහන්න ඕනෙ නිවැරදි ආකාරය පවා මේවගෙ තියෙනවා. අපිට එතකොට කාලය නාස්ති නොකර ගේම් එක ගහන්නත් පුළුවන් වෙනවා. එහෙනම් වැඩිකතා නැතුව බාගෙනම බලන්නකෝ..

Download cheatbook with Rukaa Tricks

Friday, November 07, 2014

මගේ උපන් දිනයම Rukaa Tricksවලත් උපන්දිනය කරගෙන 2014.11.07 වන අද සිට වැඩ අරඹන අපි ගැන...




මුලින්ම අපේ අඩවියට ගොඩ වෙන ඔයාලට හිස නමා අචාර කරන ගමන්ම පුංචි හැදින්වීමක් කරන්නම්...
ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන ප්‍රාර්ථනාවක් සපල උනා කියලා දැනෙන කොට පුංචි ආඩම්බරයක් දැනෙනවා හිතට... බ්ලොග් එකක් කරන්න ඕන කියලා මට මුලින්ම හිතුනේ ෆේස්බුක් වෙබ් අඩවියේ අපේ ගෘප් එක ට ගාලාගෙන එන ඔබේ ගැටළු වලට තවත් පුළුල් විදියට උත්තර දෙන්න සහ මගේ දැනුම වැඩි කරගන්න ඕන කියන අදහස නිසා... ඒ වගේම කියන්න ඕන මේ මම ලියන මුල්ම පොස්ට් එක අඩු පාඩු වැරදි තියනවා නම් සමාවෙන්න... තාක්‍ෂණය මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් කරලා තියන අවදියක අපි නව තාක්ෂණික ක්‍රම වේදයන් හදාරන්න ඕන කියන එකයි මගේ මතය... ඒ වගේම ශ්‍රීලාංකිකයා දැනුමින් සන්නද්ධ කිරීම මගේ එකම අරමුණයි!! ඒක නිසාම මම මේ අඩවියේ
"අන්තර්ගතය" කියල ඉන්නම්

01 පරිගණක
02 ඇන්ඩ්‍රොයිඩ්
03 හැකිං
04 ෆොටෝෂොප්
05 මෘදුකාංගය
06 ඊ-මනි
07 බ්ලොගින්
08 ඇන්ඩ්‍රොයිඩ් ඇප්
09 නෙට්වර්කින්
10 ෆේස්බුක් වැඩකෑලි
11 ඉන්ටර්නෙට් වැඩකෑලි
12 නව තාක්ෂණය
13 වෙනත්
...

කියන මාතෘකාවන් යටතේ කතා කරන්න අපි ලෑස්ති... මුලිකවම මේ වෙලාවේ මතක් කරන්න ඕන මගේ සහෝදර ඇඩ්මින් වරයා.. "කවිශ්ක ගීත්"(මගෙම මල්ලි ඉතින්) ඔහුත් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වෙයි අනිවාරෙන්... කොහොමහරි ඔහුත් මේ ගමන සදහා මා සමග නිබදව සිටි බව මතක් කල යුතුයි... ඒ වගේම සෑම කටයුත්තකදීම මා දිරිමත් කරමින් මා ළගින් සිටි මා ආදරණීය “චතූ” සිහිපත් කරන්නේද සතුටිනි,,,,තවද මගේ ෆේස්බුක් අඩවියේ මිතුරන් වී සිටින මිතුරන් විශාල ප්‍රමාණයක් මා දිරිමත් කල බව මතක් කල යුතුයි...
ඔබත් සමග දිගු ගමනක් යාමට අපේක්ෂා කරන අතර අප සමග නිරන්තරයෙන් සිටින ලෙසට ඉල්ලා සිටිමි.... නිරන්තරයෙන් අලුත් වන ලෝකයේ සැබෑ තතු ඔබ වෙත ගෙන ඒමට අප බැදී සිටි.. මලයා සතු මානා දැනුමත් මා සතු දැනුමත් ඔබේ අදහස් සහ චෝදනාත් උපයෝගී කර ගනිමින් දිගු ගමනක ආරම්භය මෙසේ තබන්නෙමු.. දිනක යහපත් ලොවක අරුනළු දකින තුරු අපි ඔබ සමග සිටින්නෙමු.. සියළු දෙනාටම ඉස්තූතිය පුද කරමි!! සියළු දෙනාටම අප හා සම්බන්ද වන සමාජ වෙබ් අඩවි පහතින් සටහන් කරමි!
මම “කසුන් ගිහාන් මිලින්ද ශ්‍රීනාත් රුක්මල්දෙනිය”

01 “කසුන් ගිහාන් මිලින්ද ශ්‍රීනාත් රුක්මල්දෙනිය” (ඇඩ්මින්)
-ෆේස්බුක්- : තාවකාලිකව අක්‍රිය කොට ඇත (2015 A/Lඅවසන් වන තෙක්)
-ස්කයිප්- : (kasun.rukmaldeniya)

02 “කව්විශ්ක ගීත් මනූජ ශ්‍රීනාත් රුක්මල්දෙනිය”
-ෆේස්බුක්- : Kavishka Rukmaldeniya
 

02 “අපේ Page එක”
-ෆේස්බුක්- : Rukaa Tricks

Like and Follow on Facebook