Sunday, March 06, 2016

I'm Rukaa

Windows 10 ඔටෝ update වෙන එක නවත්තගන්න බැරුවද ඉන්නේ... එහෙනම් මෙන්න මේක කියවල ඉන්ඩලාකෝ...


Windows 10 ඔටෝ update වෙන එක නවත්තගන්න බැරුවද ඔයත් ඉන්නෙ හරියට මං හිටිය වගේ...
කොහෙද හෙව්වට මොකේකවත් සිංහලෙන් බලල ක්‍රමේ අල්ලගන්නත් නෑනේ නේද???
හරි! හරි!! එහෙනම් මෙන්න මේක කියවල ඉන්ඩකෝ...

8.1වල නම් ඔය කොහේ හරි යන crack එකක් ගහගත්තට පස්සේ update වලට ගිහින් මේන් මෙතනින් ලේසියෙන්ම වැඩේ ගොඩ දා ගත්තනේ නේද???

එත්.......
10 වලත් මෙහෙම පෙන්නනවා...


හැබැයි අපේ crack කරපු ඒවායේ නෙවෙයී....

අපේ එව්වයේ මෙහෙමනේ ඉතින් ඒ පිටුවට ගියාම....

නැද්ද???

ඇත්තමයි 10 ගැහුවට පස්සේ මාත් සති 3 4ක් යනකම්ම net ආවෙ ෆෝන් එකෙන් විතරමයි....
ඇයි අප්පා WiFi connect වෙනවා විතරයි මතක...
එතකොට බැලුවම මෙහෙම පෙන්නන usage meeter එක....

පහුවදා බලද්දි...
එතකොට ඉතින් පුදුමාකාර සතුටක් දැනෙන්නේ නේද?
අවුලක් නෑ මාත් ඒ සතුට වින්ද...
ඒ නිසා මං වැඩේ ගොඩ දාගන්න විදිය ඔයාලටත් කියල දෙන්න ඕනේ කියල හිතුව...
මේකයි ක්‍රමේ.....
2ක් තියෙනවා.....
WiFi නම් ඔයත් use කරන්නේ මේක තමා ලේසි වැඩේ...


Settings page එක open කර ගන්න...
Network & Internet යන්න...
ඒකෙ පහලට ගියාම තියෙන “Advanced options” ගන්න.....
එතන පෙන්නයි ඔයා connect වෙලා ඉන්න Wi-Fi networksටික....
එකෙන් ගිහින් Enable කරන්න “Set as metered connection”කියන එක....
එතකොට updates ආයේ auto download වෙන් නෑ...
එක තමයි පලවෙනි විදිය...

ඒක set නැත්නම් මෙන්න අනිත් විදිය.....



 
Run එකට යන්න...
මෙහෙමයි Windows Key + R එකයි දෙක එකට ඔබන්න...
ඒකෙ මේ පහලින් තියන වචනේ ගහන්න... 
copy කරල paste කරගන්නකෝ... 

       gpedit.msc
දැන් Enter යතුරට වැරෙන් පහරක් එල්ල කරන්න...
එකේ මේ විදියට ඉස්සරහට යන්න select කරන්....
Navigate to Computer Configuration--->
Administrative Templates--->
Windows Components--->
Windows Update--->


ඕන් එතකොට ඔන්න ඔහොම page එකේ නවතියි මං කියපු දුරටම ආවනම්...
දැන් ඉතින් මහා වැඩක් නෑ...
ඔකේ ඔය select වෙලා තියෙන Configure Automatic Update කියන එක double-click කරන්න...
එතකොට තව පිටුවක් එයි මෙන්න මෙහෙම....
ඊකෙ “Enabled” දාල,
“Auto download and notify for install” වෙනුවට “Notify for download and notify for install” දාන්න...
Save කරන්න...
දැන් ආයේ හිතුමතේ data යන එකක් නෑ ඔයාගේ...
හැබැයි windows මහත්තුරු නම් කියන්නේ වෙනත් ක්‍රම මගින් update වෙන එක නවත්තන්න එපා කියල...
මන්දා... හිතල කරගන්නවානම් කරගන්න....

රුකා tricksඔන්න මං ක්‍රමේ දුන්න ගුරු මුට්ටිය නැතුන්...
එහෙනම් රුකා කැපෙන්නයි ලැහැත්ති වෙන්නේ...
ඔයාලට තියෙන වෙන technic ප්‍රශ්නත් අපේ FB group එක හරහා අපිට එවන්න....
මෙන්න link එක මේ රූපෙ click කරන්න...

0 comments:

Post a Comment

Like and Follow on Facebook