ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Saturday, September 17, 2016

ඉතාමත් වැදගත් වෙන mobile phone වල secret codes සෙට් එකක් උස්සන් අවෝ...!!!

දැන් කාලෙ  බලනකොට mobile phone එකක් නැති එකෙක් නෑ.. පොඩි එකා ගාවත් තියනව, 80-90 නාකි උදවිය ගාවත් තියනව (නාකි කිව්වට සොරි ඈ ) පොඩි උන් ගාව  phones තියන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරි හරි මේ රුකා අද ආවෙ ඕක ගැන කතා කරන්න නෙමේ නෙ .මම ආවෙ mobile phone secret codes ටිකක් කියල දෙන්නනෙ !ගොඩාක් අය මේ ගැන දන්නෙ නැතුව ඇති දැනගත්තත් මේව මතක තියාගන්නෙ කොහොමද බොලව් :) .ඕන්න එහෙනම් ඒ දන්නෙ නැති අයයි, දැනගෙන මතක නැති අයයි, හෙනහුරා පාත් වුනා වගේ මේ ගැන අදම අහපු අයයි කට්ටියම එකතුවෙලා බෙදාගන්න  කන්න... ආ කන්න එපා බලන්න. හුඟක් වැදගත් වෙයි කියල හිතනව .


*#06#  IMEI Number එක හොයාගන්න මේකෙ 7,8 ඉලක්කම් වල අගය අනුව ,

00=Best & Original
01&10=Good
02&20=Not Good
08&80=Bad
13=Very Bad


NOKIA MOBILE phones වල secret codes
(හුඟක් වෙලාවට මේවගෙන් සමහරක් පරණ නොකියා ෆෝන් වල වැඩකරන්නෙ නැති වෙයි )

*#7780# -ෆෝන් එක factory settings වලට restore කරගන්න 

*#3283# -ෆෝන් එක හදපු දවස බලාගන්න 

*#746025625# -simclock එක නවත්තගන්න .

*#67705646# -operator logo එක delete කරන්න 

*#73# -games වල highscores හා timer එක restore කරගන්න .

*#0000# - 
ෆෝන් එකේ software version එක දැනගන්න  

*#06# To display the IMEI Number of the mobile

*#92702689# -
ඔයාගෙ ෆෝන් එකේ warranty ය ගැන තොරතුරු . (Serial no, Made, Purchasing date, Repaired date, Life time). 


NOKIA පරණ ඒවයේ ස්ක්‍රීන් එක කරකවමු .

1) dail *#5513#
2) dail *#5514#
3) dail *#5512#
4) dail *#5511#


හැම මුල්ලේම තියෙන CHINA MOBILE වල HIDDEN SETTING CODES

Enable COM Port
*#110*01#

Restor Factory
*#987*99#

LCD Contrast
*#369#

Sftwar Version
*#800#


වැඩිය නැති උනත් SONY ERICSON වලත් SECRET FEATURE CODES

0# -අන්තිමට dial කරපු number එක දැනගන්න .

*#06# - IMEI Number එක දැනගන්න .

-> * <- -="" .="" br="" menu="" secret="" style="margin: 0px; padding: 0px; word-wrap: break-word;">
<**< mobile network එක පිලි
ඳව තොරතුරු 

< 0 0 0 0 >  default language එක reset කරගන්න .

>*<<*<* mobile software version එක දැනගන්න.

<0000>  default theme එක reset කරගන්න .

#  SIM Number එක බලාගන්න .

**04*0000*0000*0000#   SIM card එකක් නැතුව 
mobile settings හදාගන්න 

*#0000#  Sony Ericsson mobile English menu එක රීසෙට් කරගන්න .

904060 + >   mobilephone settings reset  කරගන්න 

904093 + menu Use to display the CDMA Mode
On/off button බට්න් එක ක්ලික් කරල ඉක්මනට අත අරින්න 
බැටරිය බලාගන්න

වැඩිය නෙවේ ඇත්තෙම නැති උනත් MOTOROLLA වල SECRET CODES

Security- 31*118*1*0*0
Model- 32*279*1*0*8
Reset- 18*0
Clear- 18*1
User- 32*116*1*0*0


IPHONE වල SECRET SETTING CODE

Follow the list of latest iPhone codes list:
Code Action:
*#61# and tap Call To verify the number of unanswered calls
*#62# and tap Call Use to verify the number for call forwarding
*#06# To display the IMEI Number of the mobile
*777# and tap Call To display the account balance information for prepaid iPhone
*225# and tap Call To display the account balance information for Postpaid iPhone
*#67# and tap Call To display the number for call forwarding when the iPhone is busy
*3001#12345#* To display many of the inner settings of your iPhone
*#21# To verify the call forwarding is enabled or disabled
*646# and tap Call To display the Post-paid minute balance
*#33# and tap Call To Check for call control bars.


LG MOBILE වල SECRET SETTING

Codes list:
2945#*# To access the test mode of the set
2945*#01*# Use to display thesecret menu of LG mobile set
*8375# Use to display the mobile software version
*#06# To display the IMEI Number of the mobile
2945#*70001# Use to manageSimlock menu for LG (LG 7010, 7020)
277634#*# To set the defaut settings of mobile
1945#*5101# Use to manage Simlock menu for LG (LG B1200)
2945#*5101# Use to manage Simlock menu for (LG 5200, 510W )
2947#* Use to manage Simlock menu for (LG 500, 600)


අම්මේ ගොඩක්ම තියෙන SAMSUNG වල SECRET CODES

CodesActions
*#06#Shows the IMEI number
*#0001#Displays the Device Serial Number
*#1234#Displays the Firmware Version
*#2222#Displays the Hardware Version
*#9125#Displays a Smiley
*#0523#Shows LCD Contrast settings
#*4773#Incremental Redundancy
#*7785#Resets the Wake-up variables
#*7200#Mutes the tone generator
*#0228#Shows the Battery Information
*#9999#Shows the Software Version
*#0837#Shows the Software Version with instructions
#*3888#Shows the Bluetooth Test menu
#*2077# or #*2027# or #*0227# or #*0277#Shows GPRS Toggle menu
*#92782#Displays the WAP Phone Model
*#232337#Displays the Bluetooth MAC Address
#*5737425#Displays the Java Mode settings
*#5282837#Shows the Java Version
#7263867#Displays the RAM Dump settings
*2767*688#Removes security code and SIM lock
*2767*226372#Deletes all photos and resets the Camera
*2767*927#Displays the WAP Reset settings
#*2562# or #*3849#Reboots the device
#*7337#Reboots the device and resets the WAP settings
#*7288# or #*7287#Attaches or Detaches GPRS
#*2886#Activate or Deactivate the Auto answer option
#*5376#Removes all SMS
#*3270#Toggles DCS Support
#*3476#Activates/Deactivates EGSM
#*3282#Activates/Deactivates Data
#*4760#Activates/Deactivates GSM
#*3676#Formats the Flash Drive
#*7722#Activates/Deactivates RLC bitmap compression
#*2527#Changes the GPRS Class
#*3273#Changes the EDGE Class
#*4263#Activates or Deactivates the Handsfree option
#*7462#Sim Phase
#*7983#Voltage and Frequency Display
*2767*3855#Hard Reset, deletes everything including storage cards
*2767*2878#Customized Hard Reset
*#4777*8665#GPRS Menu Tool
*#9998*246#Shows the Battery Status and Memory
*#9998*228#Shows battery statuses like capacity, voltage, temperature
*#9998*324# or *#8999*324#Open the Debug Screen, some units use
*#9998*289#Alarm Test
*#8999*289#Ringtone Test
*#8999*636#Displays the Storage capacity
*#8999*778#Sim card information display
*#8999*782#Date and Alarm Display
*#9998*523#Adjust the LCD Contrast
*#8999*523#Adjust the LCD Brightness
*#8999*842#Vibration Test
*#8999*638#Displays the Network Information
*#8999*9266#Shows the current channel and strength
*#8999*8378#Accesses the test menu
*#8999*364#Enables/Disables Watchdog
*#8999*427#Configures the Watchdog Route
*#7465625#Displays the Phone Lock Status
*7465625*228#Enables Activa Lock
#7465625*228#Disables Activa Lock
*7465625*2827#Enables the Automatic CP Lock
#7465625*2827#Disables the Automatic CP Lock
*7465625*28746#Enables the Automatic SIM Lock
#7465625*28746#Disables the Automatic SIM Lock
#7465625*28638#Disables the Automatic Network Lock
*7465625*28782#Enables the Automatic Subset Lock
#7465625*28782#Disables the Automatic Subset Lock
*7465625*2877#Enables the Automatic Service Provider Lock
#7465625*2877#Disables the Automatic Service Provider Lock
*7465625*28638#Enables the Automatic Network Lock
*#pw+15853649247w# or *#9998*627837793#Unlocks any Samsung phone

හ් මේ නිකන්ම කියවල නොයා ප්‍රයෝජනවත් වුනානම් කමෙන්ට් එකකුත් දාගෙන යන්නකො අනේ :)

අන්තර්ජාලය තුල සැරිසරද්දි ඔබට පට්ටම වැදගත් වෙන වෙබ් අඩවි lot එකක්ම අරන් ආව, මෙන්නෝ...!

මම අද දෙන්න යන්නෙ අන්තර්ජාලය තුල සැරිසරද්දි අපිට පට්ටම වැදගත් වෙන වෙබ් අඩවි කීපයක්. කීපයක් කිව්වට ගොඩක් තියෙනවා ඈ... අනිවාර්යෙන්ම බොහොම ප්‍රයෝජවත් වෙයි කියල හිතනව... ආහ් තව ඔයාල දන්න මේවගේ සයිට් තියනවනම් පහලින් කමෙන්ට් කරන් යන්න. එතකොට තව කෙනෙක්ට දැනගන්න වගේම ඔයාලටත් පුලුවන් ඔයාගේ තියෙන දැනුම බෙදාගෙන පුන්චි සතුටක් ලබාගන්නත්... හී...
එහෙනම් ඔන්න බඩු පහලින්න්.......!



  • http://ctrlq.org/screenshots/
    විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
  • zerodollarmovies.com  
    You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට
    (ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
  • goo.gl
    ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
  • http://unfurlr.com/
    කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
  • http://www.qlock.com/
    ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
  • copypastecharacter.com
    ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
  • lovelycharts.com
    වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
  • iconfinder.com
    කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
  • office.com
    microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න.
  • followupthen.com 
    email reminders පහසුවෙන් හදාගන්න.
  • joliprint.com
    Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
  • e.ggtimer.com
    එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
  • myfonts.com/WhatTheFont
    පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
  • google.com/webfonts
    ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
  • livestream.com
    විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
  • flightstats.com 
    ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
  • wetransfer.com
    විශාල files ඔන්ලයින් share කරගන්න.
  • polishmywriting.com
    ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
  • typewith.me
    එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
  • imo.im
    එකම තැනකින් skypr,facebook.g talk මිතුරන් සමග කතා කරන්න
  • translate.google.com
    ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න.
  • kleki.com
    විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
  • homestyler.com
    ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න. 
  • aviary.com/myna
    ඔන්ලයින් ඕඩියෝ ඉඩිටර් එකකි.
  • picmonkey.com
    ඔන්ලයින් image editor එකකි.
  • formspring.me
    මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන. 
  • safeweb.norton.com
    වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
  • deadurl.com
    ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
  • youtube.com/leanback
    You tube channel TV එකක මෙන් බලන්න.
  • talltweets.com
    වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
  • notes.io
    බ්‍රව්සර් එකේ පොඩි පොඩි නෝට්ස් ලියාගන්න.
  • otixo.com
    ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
  • tinychat.com
    පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
  • ctrlq.org/dictation
    ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි.
  • https://history.google.com
    google වල ඔබ කරපු වැඩ ඔක්කොම.
කොහොමැයි පාර??? ;-)
එහෙනම් try කරල බලන්නකෝ...

රුකා ගියා ඈ...
ජය වේවා!!!

Wednesday, August 24, 2016

පට්ටම ලාභෙට, පිටරට මිලට ලංකාවට බඩු ගෙන්නගන්නේ කොහොමද? මේන් මෙහෙමයි!!!

ගොඩක් යාලුවෝ ෆොන් එකේ කවරේ පෙන් එක අරව මේවා දැක්කම අහනවනේ පට්ට බං, කොහෙන් ගත්තේ අරක මේක කියල. ඉතින් එහෙම කියා දීල කියා දීල අද මට හිතුන එක ඔයාල හැමෝටම දැනගන්න පුළුවන් වෙන්න මේකේ දාන්න කියල. අද මම කියලා දෙන්නම් අන්න ඒ ක්‍රමේ ගැන. ඒ තම ebay. ගොඩක් යට අලුත් දෙයක් නම් නෙවේ වෙන්නැති. නොදන්නා අයටයි මේ ආ... ඔයාලට ebay එකෙන් ඕනෑතරම් උපාංග අඩු මිලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්..මම සියල්ල කියලා දෙන්නම් කරන හැටි..මෙන්න මෙහෙමයි ක්‍රමේ...

හරි මුලින්ම eBay කියන්නෙ මොකක්ද?
eBay කියන්නෙ ඇත්තටම ගෝලීය පොළක්. පොළක කව්ද ඉන්නෙ?
භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.භාණ්ඩ වල මිල අඩු මට්ටමේ සිට හා වැඩි මට්ටමේ සිට වුවද අපට ඉතා පහසුවෙන් ඒවා තෝරා ගත හැකියි.


eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.ටිකක් අන්තර්ජාලයේ හැසිරීම ගැන පොඩි දැනුමක් තිබීම වැදගත් වෙනවා..ඉංග්‍රීසි දැනුමත් ඉතා වැදගත් වෙනවා...

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි.හරියට හෙටදින වගේ.. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.මොන රටෙන් වුනත් අපට ඕන භාණ්ඩයක් තැපෑලෙන් ගෙන්වා ගන්න පුළුවන්..

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.තැපැල් ගාස්තු නැතිව ගෙන්න ගත්තොත් ටිකක් කල් යනවා.. ලංකාවටනම් සති 3ක් වගේ ලයින් වෙනවා ඉතින් ආයෙ බොරු ඕනේ නැනේ... නැතිනම් ඉක්මනටම ගෙන්වා ගන්න පුළුවන් දවස් 7න් වගේ ඒ ගාස්තුත් ගෙවල...

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.Free Shipping වලින් ගෙන්වන එක හොඳයි..නැතිනම් වැඩිපුර ගෙවන්න වෙනවනේ..

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.මුලින්ම පුරුදුවෙන්න එක්ක පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ් වගේ පොඩි පොඩි දේවල් ගෙන්වා ගනිමු..එතකොට ebay එකේ හැසිරීම හොඳටම හදුනා ගන්න පුළුවන් වෙයි..
eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.

එහෙනම් රුකා ගියා... ඔබට ජය!

Saturday, August 13, 2016

යන තැනක අරන් යන්න චුට්ටිම චුට්ටන් computer එකක් දැන් අපිටත් ගන්න පුළුවන්...

හායි කස්ටිය! විවිධ මාදිලි වල පරිගණක ඔබ දැක ඇති. ඉතින් ඒ උනාට අද රුකා කියන්න යන්නේ එහෙම දැකල නැති ගැජට් එකක් ගැන. සල්ලි කොලයක් තරම් නැති මේ කෑල්ල මොකක් වෙන්නැද්ද?

අතීතයේ පැවති පරිගණක කාමරයක් තරම් විශාල වූ බව ඔබ දැක ඇති. නැතිනම් අසා ඇති. නමුත් විද්‍යාවේ වූ දියුණුවත් සමඟ පරිගණක දිනෙන් දින ප්‍රමාණයෙන් කුඩාවෙමින් කාර්යක්ෂමතාවයෙන් ද වැඩි වන්නට විය. ඉතින් අපිට මේ වාර්තා වන්නේ එවැනිම නවීන පරිගණකයක් පිළිබඳවයි. මේ පරිගණකය ප්‍රමාණයෙන් කෙතරම් කුඩා ද හරියටම එය ක්‍රෙඩිට් කාඩ් එකක් විතර ඇති. මේ පරිගණකය හඳුන්වන්නේ Raspberry Pi Zero (රාස්ප්බේරි පයි) කියලයි. මෙහි පැරණි මාදිලි කිහිපයකුත් තිබිලා තියනවා. මෙය ලොකු කුඩා ඕනෑම කෙනෙකුට පරිගණකය ගැන ඉගෙන ගැනීමට අපුරු අවස්තාවක් ලබා දෙනවා. මෙය අලෙවි වන්නේ ද ඩොලර් 5ක් වැනි අපූරු මුදලකටයි. ඒ කියන්නේ මුදලින් රුපියල් 700ක් වගේ මුදලක්. මේ මුදලට ඔබට ලැබෙන්නේ 1GHz Broadcom BCM2835 CPU එකක් , 512MB LPDDR2 SDRAM එකක්, microSD කාඩ් රිඩරයක්, mini-HDMI port එකක් (with 1080p video output at 60 fps) සහ micro-USB socket කිහිපයක්. හැබැයි මෙය ක්‍රියාත්මක වන්නේ windows හෝ Mac වැනි පාලන පද්ධතියකින් නොව Raspbian OS නම් පාලන පද්ධතියෙන්. දැනට නිර්මාණය කර ඇති කුඩාම වර්ගයේ Raspberry Pi පරිගණකය ලෙස මෙය සැලකෙනවා. එය ප්‍රමාණයෙන් 65 x 30 x 5mm කි.


මේ වනවිටත් මේ වර්ගයේ පරිගණක දස දහස් ගණනක් නිර්මාණය කර තිබෙන අතර මෙහි ඇති ඉතාමත් ආකර්ශනිය මිල ගණන් හමුවේ මෙය කෙටි කාලයකින්ම අලෙවි වී අවසන් වනු ඇති බවට මේ සමාගම පවසනවා.
මේ කුඩා පරිගණකය පරිගණක Scratch සහ Python වැනි පරිගණක භාෂා ඉගෙනීමට යොදාගන්න පුළුවන්. මේ පරිගණකයට තිරයක්, යතුරුපුවරුවක්, මවුස් එකක් සම්බන්ධ කරලා වැඩ කරගන්න පුළුවන්.


මේන් ඇතුලෙ තියෙන්නේ... ඒ උනාට සාමාන්‍ය පරිගණකයක් වගේම වැඩ කරන්නත් පුළුවන්ලු...
පිස්සු නේහ්!
අපිටත් ඉක්මනට මේකක් ගෙන්නගන්න තිබ්බනම් පට්ටයි නේද යාලුවනේ???
ඉතින් මේකක් අරන් චිප් එකක් ගහගත්තම ෆොන් එක වගේම යන යන තැන අපේ කම්පියුටර් කෑල්ලත් උස්සන් යතහැකි. ලැපට බායි කියතහැකි. එත් මොනිටරයක් නැති අවුල තම එන්නේ... නෑ ඉතින් mouse, keyboard එහෙමත් එපැයි... ඇත්තටම ගත්තොත් මේක cpu එක වගේ තම අපේ නේද? වගේත් නෙවේ cpu එක තමා ඉතින්.... මේන් පොඩි review එකක් තියෙනවා බලන්නකෝ...



මේන්න දැන් මේක ගන්න හිතුන අයට site එක එයාලගේ...
raspberry pi එකක් ගන්න හිතුනනම් මෙතනින් යන්නෝ...

ආහ් ඉල්ලුමට සැපයුම නම් තාම බැරිලු ඔන්න. මොකද එච්චරට යනවලු...
හරි හරි මේ එහෙනම් අදට රුකා ගියා.....

Friday, July 15, 2016

ඔයාගේ android එකත් සම්පුර්නෙන් සිංහල කරගමුද? බෑ කියයි!!! එහෙනම් මේන්න ක්‍රමේ...

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද ඔයාගේ ෆොන් එක සම්පුර්ණ වශයෙන් සිංහල කරන්නේ කියලා...


මේක හැම පෝන් එකටම වැඩ කරන්නේ නම් නැති වෙන්න පුළුවන්
නමුත් වැඩ කරයි 4.3+ උඩට, දැන් තියෙන එව්වයේ නම් කොහොමත් ok වෙයී....
ආහ ඒ වගේම මේකට රූට් ඕනි වෙනවා...

හරි!
ඔන්න වැඩේට බහිමු


ඔන්න දැක්කනේ ෆුල් english තියෙන්නේ
දැන් යන්න playstore එකට
ගිහින් සර්ච් කරන්න Language enabler කියල

දැන් ඕක install කරගන්න

දැන් open කරන්න

දැන් රූට් permission ඉල්ලයි දෙන්න

(මේ වගේ ඒවා එන්නේ සම්සුන්ග් නොවන නිසා අවුලක් නෑ ok දෙන්න...)

දැන් මේකෙන් "සිංහල" හොයන්න

පහලට යන්න
 
දැන් මේකේ 3ක් පේනවා ඇති
*උඩම සිංහල දුන්නොත් අපේ වෙනස් වෙන්නේ a.m p.m කියන ඒවා පෙ.ව. ප.ව දිනය ස්ථානය වගේ ඒවා තමා
*පහලම සිංහල දුන්නම ඔක්කොම සිංහල වෙනවා තමන් කැමති එකක් දාගන්න

ඊටපස්සේ මෙහෙම එයි

දැන් reboot දෙන්න

හරිනේ? වැඩේ ගොඩ...
ලෙඩක් නම් එන් නෑ... මාත් කරල බලලයි දැම්මේ....
එත් ඉතින් අවදානම තමන් සතුයි,
එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා!

Wednesday, April 06, 2016

හරියටම මතක හිටින ව්දියට දෙයක් පාඩම් කරගන්න හැටි ඔයා දන්නවද? මෙන්න සාර්ථකම ක්‍රමයක්!!! අත්හදා බලන්න....

හැමදාම දෙන technical වලින් අද ඔන්න පොඩ්ඩක් පිට පැන්න... 
අද මං දෙන්න යන්නේ ඉගෙන ගන්න කියන අපිට හුගාක්ම හුගක් වටින දෙයක්...
ආහ් අනිත් වැදගත්ම දේ...  (තව පොඩ්ඩෙන් අමතක වෙනව)
අනිත්ව වගේ නෙවෙයි, අද මං දෙන්න යන මේ post එකටනම් ඔන්න මගේ කිසිම අයිතිවාසිකමක් නෑ හොදේ... ප්‍රොෆෙසර්ගේ තාක්ෂණික සටහන කියන blog එකේ දැකල තමයි අනිවාරෙන් අපේ යාළුවොන්ටත් හුගක්ම වැදගත් වෙන දෙයක් බව හිතුන නිසා මේකෙත් දාන්න හිතුවේ... ඉතින් මේ අද නම් රුකා දෙන්න යන්න පොස්ටුවේ සම්පුඋර්ණ අයිතිය ප්‍රෝෆා සතුයී... ඔන්න link එක්කම අයිතියි මුල් පිටපත තියන තැනයි කියලම මං මේ දේ add කරා... නැත්නම් blogger කෙනෙක් හැටියට ඒ අයට අසාදාරණයක් වන බව දන්නවනේ...
හොදයි කථා ඇති මෙන්න ඒ වටිනා post එක...

(ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ ලිපිය ඕනෑම විභාගයක් සඳහා සූදානම් වෙන ඕනෑම කෙනෙකුට වැදගත් වෙයි.ඇත්තටම මේක මතක තියාගන්න ක්‍රමයක් ගැන ලියල තියෙන්නෙ. විභාගෙකට විතරක් නොවෙයි යමක් මතක තියාගන්න ඕනෙ ඕනෙම අවස්ථාවක මේ ක්‍රමය අත් හදා බලන්න.)



ඔන්න ඔය ඉහත දක්වලා තියෙන ආකාරයේ පණිවුඩයක් ෆේස්බුක් හරහා හුවමාරු වෙනවා දැකලා මේ සටහන තියන්න හිතුනා.

මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ලකුණු වල සාමාන්‍ය අගය දක්වන මිනුමක් ලෙසට දක්වන්න හැකියි. මෙහි උපරිමය 4.0 හෝ 4.5 දක්වා ගන්නවා. උපාධියේ පන්ති සාමාර්ථය (Class) (උපාධිය හැදෑරීමේදී ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දැක්වූ කුසලතාව පිළිබඳ දර්ශකයක්) ඒ කියන්නේ පළමු පෙළ (1st Class) ද , දෙවන පෙළ ඉහළ (2nd Upper) ද, දෙවන පෙළ පහළ (2nd Lower) ද හෝ සාමාන්‍ය සාමාර්ථයක් (General Pass) ද යන්න තීරණය වන්නේ මෙන්න මේ කියන GPA අගය මත. ගොඩක් වෙලාවට ඉහළ පෙළේ රැකියාවක් හෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අය (ඒ සඳහා සලකා බැලෙන්නේ පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථලාභීන්) හැම විටම මෙහි අගය 4.0 ආසන්නව, අඩු ගණනේ  3.5 ට ඉහළව තබා ගන්න උත්සාහ කරනවා. මේ නිසා සරසවිවල තියෙන්නේ (උසස් පෙළ වගේ) තරඟකාරී විභාග නොවුනත් (තරඟකාරී විභාගයක ලක්ෂණය තමයි සමත් වුනත් සාපේක්ෂව ඉහළම ළකුණු නොගත්තොත් අසමත් වුනා හා සමාන සැලකීම්වලට බඳුන් වීම.), කණ්ඩායමේ කීපදෙනෙක් අතරේ සීතල යුද්ධයක් දකින්න පුළුවන්. අවාසනාවකට මේ අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ කෙසේ හෝ ඒ අරමුණට ළඟා වීම මිසක් විශය කරුණු මනාව වටහාගෙන අවබෝධයකින් කටයුතු කිරීම නොවෙයි. මේකට කියන්නේ කටපාඩම් කිරීම හෝ වනපොත් කිරීම බව කවුරුත් දන්නවා. සරසවි ප්‍රජාව මේකට කියන්නේ 'ගිරවා දැමීම' කියලා.

මේ 'ගිරවා දැමීම' අඩු වැඩි වශයෙන් ජීවිතයේ කඩඉම් තරණය කිරීමේදී හැමෝටම අකමැත්තෙන් වුනත් කරන්න වෙන දෙයක්. පෞද්ගලිකව මම නම් ඒකට අංශු මාත්‍රයක්වක් කැමති නැහැ. අපි හැකි සෑම විටම උත්සාහ කළ යුත්තේ අදාල කරුණ හොඳින් තේරුම් අරගෙන හිතට දාගන්න එකයි. තමන්ට තේරෙන්නෙ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් (කුප්පියක් දා ගන්න.).

කොහොම වුනත් සමහර විශය වල කරුණු මතක තියාගන්නම වෙනවනේ. ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මතක හිටින්නෙ නැති එක. මෙන්න ඒකට අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුමක් (ක්‍රමයක්).
'අය්යෝ ක්‍රම නම් ඔය ඕන කෙනෙකුට කියන්න පුළුවන්....ඒත් කොහොමද ඒව හරි කියල අපි විස්වාස කරන්නෙ...?' කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒක හරි. කෙනෙක් ක්‍රමයක් කියල දෙනවනම් එයා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙන්න ඕනෙනෙ. ඒක තර්කාණුකූලයි. හරි. මේක ලියන මම රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මම මෙතනට ආවෙ මෙ කියන ක්‍රමයෙ සාර්ථකත්වය මත තමයි. දැන් හරිද..?

ආ...හ්. අමතක වුනා. කෙනෙක් කියයි මෙහෙම..."සර්ට නම් ඉතින් ඕක නැතුව වුනත් ඔහොම වෙන්න පුළුවන්...ගොඩ දාන එකා කොහොමත් ගොඩ දානවා...මීටරේ හොඳ නම් ඔය කොයි එකත් එකයි....". ඒ කතාව හරිද වැරදිද කියල මෙන්න මේ කතාව කියවල ඔබම තීරණය කරන්න.
මේ ලියන මම උසස් පෙළ පළමු වර අසමත් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද....? ඔව් ඒක ඇත්ත...අසමත් වුනේ ගණිත විශය ධාරාවේ අයට කවදත් පෙන්නන්න බැරි රසායන විද්‍යාව....එසේ මෙසේ අසමත් කමක් නොවෙයි ලකුණු 13යි. මේ වැටුණු අමාරුවෙන් ගොඩ එන්න ගිහින් එක එක අත් හදා බැලීම් කරනකොට තමයි මේ කියන්න යන ක්‍රමය මතුවුනේ....! ඒ කියන්නෙ මේ ක්‍රමය පාවිච්චි කරල මාස කිහිපයක් ගතවෙනකොට රසායන විද්‍යාවට මම රැස් කළ ලකුණු සාමාන්‍යය 92ක්.  (ඒ සඳහා ඉතින් ඉස්සෙල්ලම් ඒ විෂයයට තියෙන අසාධාරණ වෛරය නැති කරන්න ඕනෙ. ඒ කියන්නෙ ඒකට කැමැත්තක් කෘතිමව හරි ඇති කරගන්න ඕනෙ.)

ඔය තරම් අගය කරන මේ අමුතු ක්‍රමය මොකක්ද කියල දැන්වත් බලමු.

ඉස්සෙල්ලාම සම්ප්‍රදායික විදියට කෙටි සටහනක් හදා ගන්න. හැබැයි කරුණු වාක්‍ය විදියට තවමත් තියෙන්න බෑ. (තාමත් එහෙම නම් ඔබ හදල තියෙන්නෙ ෂෝර්ට් නෝට් එකක් නොවොයි, ලෝන්ග් නෝට් එකක්.) තියෙන්න ඕනෙ කරුණු ලැයිස්තුවක් විදියට.

උදා.
ප්‍රධාන මාතෘකාව.
  හැඳින්වීම
වැදගත් කරුණු.
  1. පළමු කරුණ.
  2. දෙවන කරුණ.
  3. තෙවන කරුණ.
  4. සිවුවන කරුණ.
උප මාතෘකාව 1
  1. පළමු උප කරුණ.
  2. දෙවන උප කරුණ.
  3. තෙවන උප කරුණ.
  4. සිවුවන උප කරුණ.
  5. පස්වන උප කරුණ.

මේ ආකාරයට ඇත්තම කෙටි සටහනක් හැදීගෙන යනවනම් මීලඟට සපයා ගන්න තියෙන්නෙ බිත්ති පුවරුවක්. එක්කෝ කළු ලෑල්ලක්, වියදම දරා ගන්න පුළුවන්නම් වයිට් බෝර්ඩ් එකක්. (රට හුණු හෝ ලියන වයිට් බෝඩ් මාකර් පෑන් ඕන වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.)

දැන්, ඉස්සෙල්ල ගන්න මුල් පිටපත. (කෙටි සටහන නොවෙයි.) කියවන්න එක පිටුවක් හෝ එක කුඩා පරිච්චේදයක්. දැන් ඒ පොත පැත්තකින් තියන්න. තියල සුව පහසු විදියට හිඳගෙන හරි හෙමින් ඇවිදින ගමන් හරි (හාන්සි වෙන්න යන්න එපා නින්ද යයි!) කියෙව්වෙ මොනවද කියල දල වශයෙන් අදහසක් තියෙනවද කියල (අඩු ගානෙ මොකක් ගැනද මේ පාඩම කියලවත්) හිතින් විමසල බලන්න.
දැන් ගන්න කෙටි සටහනේ අදාල කොටස. කලින්ට වඩා හොඳ අවාධානෙන් හෙමීට කියවන්න. තමන්ට මේ කරුණ ඉතා පැහැදිලියයි හැඟෙන තරමට කියවන්න. (මේ වෙලාවෙදි මතක තියාගන්න උත්සාහ දරන්න එපා.) පිටුවකට (මුළදි පිටු බාගෙක කරුණු වුනත් කමක් නෑ.) වඩා කියවන්න යන්න එපා වැඩේ හුරු වෙනකම්.

අන්තිම වතාවටත් කියවපු කොටසට බැල්මක් දාන්න. ඒ දාන ගමන් එක් එක් කොටසෙ කරුණු / උප කරුණු කීයක් තියෙනවද කියල විතරක් මතක තියාගන්න. උදාහරණයක් විදියට ප්‍රධාන කරුණු 4යි.
දැන් කෙටි සටහනත් සම්පූර්ණයෙන්ම වහන්න. වහල පැත්තකින් තියන්න. අතට ගන්න එපා. හිස් අතින් යන්න බෝර්ඩ් එකට*. හිතින් මතක් කරමින් අදාල කරුණු 4 ලියන්න උත්සාහ කරන්න. පිළිවෙල වැදගත් නෑ. මතක් වෙන විදියට ලියන්න. (පස්සෙ පුළුවන්නම් පොත නොබලා ආපහු පිළිවෙලට ලියන්න.) කොහොමහරි හරි පොත නොබලා අමාරුවෙන් මතක් කරගෙන ලියන්න උත්සාහ කරන්න.
බැරිම වුනොත් ලියපු දේවල් සම්පූර්ණයෙන්ම මකලා ආපහු සටහන අරගෙන කරුණු 4ම බලන්න. නැවත පොත වහල බෝර්ඩ් එකට ගිහින් (හිටගෙන.) කරුණු 4ම එකපාර ලියන්න උත්සාහ කරන්න. මේ විදියට සියළුම කරුණු එකපාර පොත නොබලා ලියන්න පුළුවන්නම් වැඩේ ගොඩ.

උප කරුණු 5ටත් මේ විදියටම කරන්න. මතක තියාගන්න පොත වහල බෝර්ඩ් එකට යන්නෙ ඉතාම සැහැල්ලුවෙන්. ඔලුවෙ වැඩ කරන්නෙ මතක තියාගත්ත සංකීර්ණ කරුණු වෙනුවට 5 කියන සරල ඉලක්කම විතරයි.!

රූප සටහන් මතක තියාගන්නෙත් මීට සමාන ක්‍රමේකට.




මේ රූපය බලන්න. ඒකෙ කොටස් නම් කරල තියෙන හැටි බලන්න. බෝර්ඩ එකට යනකොට ඔලුවෙ වැඩ කරන්න ඕනෙ 'වම් පැත්තෙ 7යි, දකුණෙ 6යි. නැතිනම් ඔක්කොම 13 යි.' කියන එක. එක පාරටම 13ම මතකෙන් නම් කරන්න බැරිවෙන එක ඉතාම සාමාන්‍යයි. මානසිකව වැටෙන්න එපා. ඕනම කෙනෙකුට එහෙමයි. නැවත නැවතත් උත්සාහ කරන්න. හැබැයි සියල්ලම නම් කරන්න හැකි වන තුරු.

මේක සෑහෙන වෙලාව ගතවෙන වැඩක් කියල මම දන්නව. ඒක නිසා අන්තිම මොහොතෙ පාඩම් කරන්න ගොඩ ගහගන්න අයට මේකෙ ප්‍රයෝජනයක් නෑ. අනිත් එක වැඩේ හුරු වෙනකම් ටිකක් අමාරුයි. හිත එකඟ කරගන්න එක අමාරුයි තමයි. හැබැයි ඒක නිකම් ඉඳලා නොවෙයි, පුහුණුවෙන් ප්‍රගුණ කරගන්න පුළුවන් එකක්. අත්දැකීමෙන් කියන්නෙ.
සිහිකල්පනාව සහ මතක ශක්තිය මේ පුහුණුවත් එක්ක පහළවෙන ඒවා. මේ පුහුණුව කොතරම වැදගත්ද කියනවනම් විශ්වවිද්‍යාලෙදි ගොඩක් විශයයන් ඉතාම ඉහලින් සමත් වෙන්න දේශනයට සහභාගී වෙලා හොඳ අවධානයෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වුනා. ඒ කියන්නෙ සමහර විෂයයන් වලට මම අධ්‍යයන නිවාඩුවෙ පාඩම් කළෙත් නැහැ. පාඩම් කරන්න සටහන් තිබුණෙත් නැහැ. තිබුණත් තිබුණෙ පිටු 2-3ක් විතරයි. ඒ කාලෙ කලේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම. නමුත් ප්‍රතිඵලවල කිසිම අඩුවක් නැහැ. මේක අදටත් ගොඩක් අය විශ්වාස නොකළත්, ඇත්ත තත්වය. මේක කරන්න බැරි දෙයක් කියලයි එයාලගෙ අදහස. මම කියන්නෙ පුළුවන්, හැබැයි ගිරවා දැමීමෙන් නොවෙයි, දෙයක් තේරුම් ගැනීමෙන් පමණයි ඒ දේ කරන්න පුළුවන්. 
ඔබ සරසවි ශිෂ්‍යයෙක්නම් අනිවාර්යයෙන්ම හැමදාම දේශන වලට යන්න. එය ඉතා වැදගත්. මොකද දේශනය ඔබට තේරෙන්නෙ නැතිනම් දේශකයා කියන හෝ ලියන දේ ඒ ආකාරයෙන්ම සටහන් කරගෙන පස්සෙ තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්නේ.(තනිවම හරි තව කෙනෙක්ගෙ උපකාරය ඇතුව හරි.) (මම දන්නවා ඇවිත් බෝර්ඩ් එකට උගන්නලා යන යන මහාචාර්යවරු ඉන්නවා. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. අපි කරන්නෙ ඉතින් පෑන ලියවෙනවද බලන්න බෝර්ඩ් එකේ ඉරක් ඇන්දත් ඒකත් ඒ විදියටම සටහන් කරගන්න එකයි. පස්සෙ සටහන තේරුම් ගන්නකොට තමයි අපිටම හිනා යන්නෙ..!!)  තේරෙන්නෙ නෑ කියන එක දේශන මගහරින්න සාධාරණ හේතුවක් නොවන බව මතක තබා ගන්න. එතකොට වෙන්නෙ (දවසක් හෝ කිහිපයක් මගහැර යළි දේශන වලට සහභාගී වෙන දවසට ) කොහෙත්ම තෙරෙන්නෙ නැතුව යන එකයි. මොකද අළුත් පාඩමට කළින් දේශන වල සම්බන්ධයක් තියෙන්න පුළුවන්. 
එක එක ගුරුවරු උගන්නන විදියත්, එක එක ශිෂ්‍යයාගේ මතක ධාරිතාවත් වෙනස් කියලා මම දන්නවා. හැබැයි ඔය කියපු දෙවෙනි කරුණ ඕනම කෙනෙකුට උත්සාහයෙන් වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා කියන්නෙ අත්දැකීමෙන්. ඒකට මේ කියල තියෙන මතක තබා ගැනීමේ ක්‍රමය පිටුවලක් වේවා කියන එකයි මගෙ පැතුම.

ඉතින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා.........  
අනිත් අයට දැනගන්න shareත් කරලා.....  
ඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න, 
Page එකටත් like එකක් දාන්  
Group එකටත් joinත් වීගෙන යන ගමන්.... 
FaceBook  පිටුවට යාමට මේ logo එක ක්ලික් කරන්න...! 
https://www.facebook.com/rukaatricks?fref=ts

Saturday, April 02, 2016

ඔයත් hackersලාගෙන් ඇත්තටම ආරක්ෂිතද??? පරිගණක හෝ android devices use කරනවනම් අනිවාරෙන් බලන්න මේක කියවලා...

යාළුවනේ අපි හැමෝම පරිගණක බාවිතය ආරම්භ කරපු මුල් කාලයේ හිතාගෙන හිටියේ පරිගණකය කියන්නේ ගොඩක් ආරක්ෂාකාරී මෙවලමක් කියල. ඒ කියන්නේ අපි හිතාගෙන හිටියේ පරිගනකයේ අපිකරන වැඩ කටයුතු කාටවත්ම හොරකම් කරන්න හෝ අනවසරයෙන් පරිහරණය කරන්න බැ කියල නේද? නමුත් පරිගණක බාවිතයට අරගෙන වැඩි කාලයක් යන්නෙම නැතුව අපි හදුනාගන්නව අපි බාවිතා කරන දේවල් අතරින් වඩාත්ම අනාරක්ෂිතම උපාංගය පරිගණකය බව. ඒ මොකද මේ වන විට කුමන හෝ ආකාරයකින් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි හැමෝම HACK වෙලා තියෙන නිසා.
ඒ නිසා අපි එම HACKING ප්‍රහාර වලින් ආරක්ෂා වීමට අපි දැනගත යුතු වෙනවා ඔවුන් ඒ සදහා බාවිතා කරන උපක්‍රම මොනවාද සහ කොහොමද කියලා..
.






Phishing Attacks
අප බහුල ලෙසම පීඩාවට පත් වන ක්‍රමය ලෙස මෙය හැදින්විය හැක. එනම් මේ ක්‍රමය බාවිතා කරන hacker කරුගේ ග්‍රහණයට අප හසු වන්නේ අපගේම වරදින් වේ. එහිදී අප විසින්ම hacker කරුට අවශ්‍ය කරන තොරතුරු ඔහු වෙත අප ලබාදෙන්නේ අපගේම නොදනුවත්කමින්ය. එනම් නිල web අඩවියක් ලෙස කිසි ලෙසකින්වත් හදුනාගත නොහැකි වන සේ සැකසූ ව්‍යාජ web අඩවියක් වෙත නොදැනුවත්කමින් පිවිසී එම ව්‍යාජ web අඩවිය වෙත තමාගේ username,passwords වැනි සියලුම තොරතුරු ලබාදීමෙන්ය.
උදාහරණයක්‌ විදියට අපි හැමදාම log වෙන facebook එකේ loggin page එකේ ආකාරයටම සැකසූ ව්‍යාජ web අඩවියකට අපගේ username, passwords ඇතුල් කර log වීම හැදින්විය හැක. එවිට එය ව්‍යාජ web අඩවියක් නිසා log වීමට නොහැකි බව කියා හෝ කුමන හෝ දෝෂයක් ඇති බව කියා error messages පැමිණේ. ඉන් පසු එම errors නිසා අප නැවත වතාවක් උත්සාහ කිරීම අනිවාර්යෙන්ම කරනු ලැබේ. එසේ නැවත වතාවක් උත්සාහ කිරීමෙන් පසු එම ව්‍යාජ web අඩවිය මගින් නිල web අඩවිය වෙත ඔබව යොමු කරන අතර ඉන්පසු කිසිම අපහසුතාවකින් තොරව ඔබට log වී වැඩකටයුතු කරගත හැක. නමුත් ඒ වන විටත් ඔබගේ සියලුම තොරතුරැ hacker කරුගේ ග්‍රහණයට නතුවී අවසන්වේ. එසේ වන්නේ ඔබ ව්‍යාජ web අඩවිය වෙත ඔබ ඇතුල් කල තොරතුරැ එම web අඩවිය save කරගෙන තිබීම නිසාය. එම නිසා ඒ hacker කරුට ඔබගේ account එක වෙත පිවිසී ඔබගේ අනන්‍යතාවයට අති විශාල හානියක් සිදු කල හැක

බොහෝ විට මෙවැනි ප්‍රහාර සදහා සදහා ලක් වන්නේ online මුදල් ගනුදෙනු කරන පරිශීලකයන්ය. Ebay,Paypal,amazon වැනි web අඩවි ලෙස සකසූ ව්‍යාජ web අඩවි විශාල ප්‍රමනයක් දිනකට අන්තර්ජාලය වෙත එක්වේ.
මෙම ව්‍යාජ web අඩවි මගින් අප ආරක්ෂා වීමට නම් අප කලයුතු ප්‍රදානම ක්‍රියාව වන්නේ අප පිවිසෙන web අඩවියේ web URL එක නොහොත් web ලිපිනය හොදින් පරීක්ෂා කර බලා එය නිවැරදිම ලිපිනය බව තහවුරු කර ගැනීම වේ.
යම් කිසි වැරදීමකින් එම ව්‍යාජ අඩවියක් වෙත තොරතුරු ඇතුලත් වූ බව ඔබට හැගෙනම් කල හැකි එකම කාර්ය වන්නේ ඔබගේ username හා password වෙනස් කිරීමය්. තමාගේ passwords කාලයෙන් කාලයට මාරු කිරීමත් අනිවාර්යෙන්ම සිදු කල
යුතු දෙයකි.





Spywares
Spywares අප වෙත පැමිණෙන ආකාර කිහිපයක් ඇත. එනම් අප අන්තර්ජාලය දිගු කාලයක් බාවිතා කරන විට අපගේ රුචි අරුචිකම් හෙළිවේ. ඒ අප පිවිසෙන web අඩවි වලට අනුවය්. කාලයක් තිස්සේ එම web හැසිරීමේ තොරතුරු රැස් කරන hacker කරුවන් එම තොරතුරු අලවිකරණ සමාගම් වෙත විකුණනු ලැබේ. අපගේ email ගිනුම් කරදරකාරී email වලින් පිරී යාමට සහ නොයෙකුත් popup පැමිණීමට ප්‍රදනතම හේතුව මෙය වේ. එනම් hacker කරු විකුණු තොරතුරු වලට අනුව වෙළද ආයතන විසින් එවන ලබන දැන්වීම් එම popup වල සහ spam වල ඇතුලත්ව තිබේ.


එම කරදරකාරී email වලින් සහ popup වලින් බේරීමට නම් free download පෙන්වන විවිධ web අඩවි වෙත පිවිසීම අඩු කල යුතු වේ. ශක්තිමත් wirewall එකක් බාවිතා කිරීමෙන්ද මෙය යම් තාක් දුරකට අඩු කර ගත හැක.
Spyware ලෙස හැදින්වෙන තවත් භයානක උපක්‍රමික මෘදුකාංගයක් වන්නේ Keylogger මෘදුකාංගය්. එමගින් පරිගනකයක සිදු කරන සියලුම ක්‍රියාකාරකම් පිළිබදව තොරතුරැ එක් රැස් කර එය hacker කරු වෙත auto ම යැවීම සිදු කරයි. එමගින් අප යතුරුපුවරුවේ type කරන සියලුම දේ මෙන්ම screenshot පවා එම මෘදුකාංගය විසින්ම ලබාගෙන අප අන්තර්ජාලය හා සම්බන්ධ වූ විගසම එය hacker කරු වෙත යැවීම සිදු කරයි.
මෙම spywares අප වෙත පැමිණෙන ක්‍රම ගණනාවක්ම තිබේ. එනම් අප අන්තර්ජාලයෙන් අපට අවශ්‍ය කරන යම් කිසි මෘදුකාංගයක් සොයන විට එම මෘදුකාංගය ලබාදීමට hacker කරුවන් ඉදිරිපත් වේ. ඉන්පසු ඒ hacker කරුවන් බව නොදත් අප එම මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරනු ලැබේ. නමුත් එම hacker කරුවන් අපහට එම මෘදුකාංගය ලබා දී අත්තේ keylogger නමින් හදුන්ව spyware එකක් සමගය. ඒ බව නොදත් අප නොදැනුවත්වම කරන ලැබූ එම ස්ථාපන කිරීම නිසා අප එම hacker කරුගේ ග්‍රහණයට හසුවී හමාරය. එනම් එම spyware එක අපහට කිසිසේත්ම දැනගත නොහැකි වන සේ අපගේ තොරතුරු රැස් කර ඒවා hacker කරු වෙතයවනු ලැබේ.
මෙමගින් පමනක් නොව ඇතැම් internet kafe වලද මෙම spywares install කර ඇත්තේ තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සොරකම් කිරීමටය්. සමහර කාර්යාල පරිගණක වලද මේවා ඇතුලත් කර තිබේ.
මේවාගෙන් ආරක්ෂා වීමට නම් අප කල යුත්තේ internet kafe ආදී පොදු පරිගණක භාවිතයේදී email passwords,bank account numbers, credit card numbers ආදිය භාවිතයෙන් වැළකීම වේ. තවද free softwares ගැනීමේදී හොදින් සොයා බලා ගැනීමද කල යුතු දෙයකි. තවද ගුණාත්මක භාවයෙන් යුතු virus guard එකක් බාවිතා කිරීමේන්ද මෙම අවදානම අඩු කර ගත හැක. එසේ වුවත් අප මොන තරම් ආරක්ෂක උපක්‍රම බාවිතා කලත් සැමවිටම එම උපක්‍රම බිද දමා තමාගේ කාර්ය සිදු කරගැනීම ඇති දක්ෂ hacker කරුවන්ට කිසි සේත්ම අපහසු කාර්යක් නොවේ.
මම මෙම ලිපිය මගින් හඳුන්වා දී අත්තේ hacker කරුවන් බාවිතා කරන ඉතා ප්‍රාථමික ක්‍රම 2කි. නමුත් අද වන විට ලෝකයේ බාවිතා වන සැම ආරක්ෂක ක්‍රියාමාර්ගයක්ම බිද හෙලීමට තරම ප්‍රබල hacker කරුවන් අති විශාල ප්‍රමානයක් මුලු ලෝකය පුරාම විසිරි ඇත. එය කෙසේද කියනවනම් රටවල් අතර cyber wars ඇති වීමට තරම් එය අද ප්‍රබල වී තිබේ.කෙසේ නමුත් මේ වන විට මුලු ලෝකයම වගේ මෙම Hacker කරුවන් වෙත ශීග්‍රයෙන් හසුවී තිබීම මේ මුළු ලෝකයටම ඉතා දරුණු තර්ජනයක් වනු නොඅනුමාන වේ…හැබැයි මොනා උනත් අහිංසක රුකාවනම් ඕවට ගාවගන්න එපා ඔන්... දැනගන්නයි කිව්වේ ඔක්කොලාටම... හි හී... එහෙනම් ටටා...
 

තින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා.........  
අනිත් අයට දැනගන්න shareත් කරලා.....  
ඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න, 
Page එකටත් like එකක් දාන්  
Group එකටත් joinත් වීගෙන යන ගමන්.... 
FaceBook  පිටුවට යාමට මේ logo එක ක්ලික් කරන්න...! 
https://www.facebook.com/rukaatricks?fref=ts

හම්බුනාද IDM අළුත්ම එක කස්ටිය... නෑනේ?? මෙන්න crack එක එක්කම උස්සන් ආවෝ...



ඔන්න අද රුකා උස්සන් ආවා  Internet Download Manager  හි නවතම සංස්කරණය වන (IDM) 6.25 Build 14 මෙමගින් ඉතාමත් ඉක්මනින් හා පසුවෙන් අපට අවශ්‍ය ඕනෑම වීඩියෝවක් ,සොෆ්ට්වෙයාර් , ඩොකියුමන්ට්ස් වෙනත් ඕනෑම ෆයිල් එකක්  වේගයෙන් හා පහසුවෙන් Download කර ගන්න පුලුවනි. අය ඕක ගැන නම් අපේ උදවියට කියා දෙන්න දෙයක්යැ නැද්ද? හරි හරි seen එක මේකයි...
මේක ඒ අපි හැමෝම දන්න Internet Download Manager කියන එකේ අලුත්ම version එක....


Screen :
Title: Internet Download Manager 6.25 Build 14
Filename: idman625build14.exe
File size:6.52MB (6,832,568 bytes)
Requirements:Windows (All Versions)
Languages:Multiple languages
License: Shareware
Date added: March 14, 2016
Author:Tonec Inc.
                              www.internetdownloadmanager.com
MD5 Checksum: AAB6AD655872269E12A20620CBCDE744
IDM 6.25 build 9 Setup (Rukaatricks.blogspot.com)

ඉතින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා......... අනිත් අයට දැනගන්න shareත් කරලා.......

https://www.facebook.com/rukaatricks?fref=tsඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න, 
page එකට joinත් වීගෙන යන ගමන්....
ඔබගේ සහයෝගයත් දක්වගෙනම යන්න...
FaceBook  පිටුවට යාමට මේ logo එක ක්ලික් කරන්න...! 

Like and Follow on Facebook