Wednesday, August 24, 2016

I'm Rukaa

පට්ටම ලාභෙට, පිටරට මිලට ලංකාවට බඩු ගෙන්නගන්නේ කොහොමද? මේන් මෙහෙමයි!!!

ගොඩක් යාලුවෝ ෆොන් එකේ කවරේ පෙන් එක අරව මේවා දැක්කම අහනවනේ පට්ට බං, කොහෙන් ගත්තේ අරක මේක කියල. ඉතින් එහෙම කියා දීල කියා දීල අද මට හිතුන එක ඔයාල හැමෝටම දැනගන්න පුළුවන් වෙන්න මේකේ දාන්න කියල. අද මම කියලා දෙන්නම් අන්න ඒ ක්‍රමේ ගැන. ඒ තම ebay. ගොඩක් යට අලුත් දෙයක් නම් නෙවේ වෙන්නැති. නොදන්නා අයටයි මේ ආ... ඔයාලට ebay එකෙන් ඕනෑතරම් උපාංග අඩු මිලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්..මම සියල්ල කියලා දෙන්නම් කරන හැටි..මෙන්න මෙහෙමයි ක්‍රමේ...

හරි මුලින්ම eBay කියන්නෙ මොකක්ද?
eBay කියන්නෙ ඇත්තටම ගෝලීය පොළක්. පොළක කව්ද ඉන්නෙ?
භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.භාණ්ඩ වල මිල අඩු මට්ටමේ සිට හා වැඩි මට්ටමේ සිට වුවද අපට ඉතා පහසුවෙන් ඒවා තෝරා ගත හැකියි.


eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.ටිකක් අන්තර්ජාලයේ හැසිරීම ගැන පොඩි දැනුමක් තිබීම වැදගත් වෙනවා..ඉංග්‍රීසි දැනුමත් ඉතා වැදගත් වෙනවා...

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි.හරියට හෙටදින වගේ.. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.මොන රටෙන් වුනත් අපට ඕන භාණ්ඩයක් තැපෑලෙන් ගෙන්වා ගන්න පුළුවන්..

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.තැපැල් ගාස්තු නැතිව ගෙන්න ගත්තොත් ටිකක් කල් යනවා.. ලංකාවටනම් සති 3ක් වගේ ලයින් වෙනවා ඉතින් ආයෙ බොරු ඕනේ නැනේ... නැතිනම් ඉක්මනටම ගෙන්වා ගන්න පුළුවන් දවස් 7න් වගේ ඒ ගාස්තුත් ගෙවල...

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.Free Shipping වලින් ගෙන්වන එක හොඳයි..නැතිනම් වැඩිපුර ගෙවන්න වෙනවනේ..

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.මුලින්ම පුරුදුවෙන්න එක්ක පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ් වගේ පොඩි පොඩි දේවල් ගෙන්වා ගනිමු..එතකොට ebay එකේ හැසිරීම හොඳටම හදුනා ගන්න පුළුවන් වෙයි..
eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.

එහෙනම් රුකා ගියා... ඔබට ජය!

0 comments:

Post a Comment

Like and Follow on Facebook