Saturday, May 09, 2015

I'm Rukaa

ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් Phone 1ක් ඉතාමත් පහසුවෙන් පියවර කිහිපයකින් රෑටි (ROOT) කරගන්නේ කොහොමද? මේ තමයි easyම ක්‍රමය හොදේ!

අද රුකා ඔයාලට කියලා  දෙන්න යන්නේ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනක් ඉතාමත් පහසුවෙන් පියවර කිහිපයකින් රෑටි (ROOT) කරගන්නේ කොහොමද කියලා. රූට් කරනව කියන එක දන්නැති අයට ඒක ගැනත් පෝස්ට් එකක් ඵල කරන්න බලාපොරොත්තු වෙනව.. ඉතින් මුලින් root කරනව කියන්නෙ මොකද්ද කියල දැනන් ඉන්න එපැයි නේද? ඒක ගැන හරියට දන් නැත්නම් මෙන්න මේ පහල රූපෙ උඩ පොඩි click එකක් දාන්නකෝ... එතකොට ඒ ගැන කියල දීපු පොඩි පොස්ට් එක එයි...

මේක හදිස්සියෙම මේ දැම්මෙ FB එක හරහා අපෙ යාලුවෙක් වෙන අමිල නිරෝෂන් සහෝදරය කරපු විශේෂ ඉල්ලීමක් නිසා... සාමාන්‍යයෙන්  විවිධ වර්ගයේ ජංගම දුරකථන සදහා රෑටි (ROOT) කිරිම සදහා විවිධ ක්‍රම තියෙනවා, නමුත් අපි අද කියලා දෙන්න යන්නේ ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් ඵ් කියන්නේ (Sony / Samsung / LG / ) වගේ ප්‍රසිද්ධ ජංගම දුරකථන සමාගමිවල දුරකථන වගේම බොහෝ අය රෑටි (ROOT) කිරිමට නොහැකි බව කියන (Dialog i35 / Dialog i45 / Dialog k35 / Dialog k35 / Huawei / Alcatel / E-tel / SkyVega /Micromax) වැනි  china ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන පවා මෙම ක්‍රමය මගින් පහසුවෙන් රෑටි (ROOT) කරගන්න පුලුවන්. 

 

අපි මේ සදහා භාවිතා කරන්න යන්නේ ඉතාමත් පහසුම හා සාර්ථකම ක්‍රමය වන VRoot යන මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය කොරියානු භාෂාවෙන් සකසා ඇති නමුත් මෘදුකාංගය භාවිතා කර  ආකාරය පියවරෙන් පියවර ඉතා පැහැදිලිව රෑපසටහන් මගින් පහත දක්වා ඇති බැවින් ඔබට කිසිදු අපහසු තාවයකට පත්නොවනු ඇත. 

Download VRoot

 Rukaa Tricks Downloads


01.පියවර

VRoot.1.7.3.4388 පරිගණකයට ස්ථාපනය(Install) කරගන්න. (නිවැරදිව ස්ථාපනය කරගන්නා ආකාරය පහත රෑප සටහන් මගින් දක්වා ඇත.)

(01)

  click next

(02)

click next and finish.

02.පියවර

ඉන්පසු ඔබගේ ජංගම දුරකථනයේ පහත (A) හා (B) හි දක්වා ඇති පරිදි සැකසුමි සකසන්න.

A. Setttings > Security > Unknown Source  යන්න ලකුණු කරන්න.

B. Setttings > Development > Usb Debugging  යන්න ලකුණු කරන්න.

03.පියවර

පියවර 01 හි පරිදි VRoot මෘදුකාංගය ස්ථාපනය කිරිමෙන් පසුව පහත (03) රෑපයෙහි පරිදි මෘදුකාංගය විවෘත වනු ඇත. ඉන්පසු ඔබගේ ජංගම දුරකථනය ඩෙටා කේබල් ඵක මගින් පරිගණකයට සමිබන්ධ කරන්න.දුරකථනය පරිගණකයට සමිබන්ධ කල සැනින් ඔබගේ ජංගම දුරකථනයට අදාල සැකසුමි (drivers)ඇතුලත් (20MB)පමණ ගොනුවක් මෙම මෘදුකාංගය මගින් අන්තර්ජාලය ඔස්සේ ස්වයංක්‍රියව බාගතකරගන්නා අතර මේ සදහා *පරිගණකයට අන්තර්ජාල පහසුකමි ලබාදී තිබිය යුතුය*, ඵය බාගතවී අවසන් වීමෙන් පසුව පහත (03) රෑපයේ පරිදි ඔබගේ ජංගම දුරකථනයේ වර්ගය සටහන්වී කොලපාටින් හරි ලකුණක් වැ‍ටේනමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුකරථනය රෑටි (ROOT) කිරිම සදහා වු සියළු සැකසුමි සුදානමිය. 

විශේෂ - 

*මේ සදහා පරිගණකයට අන්තර්ජාල පහසුකමි ලබාදී තිබිය යුතුය

* මෙසේ ඔබගේ ජංගම දුරකථන හදුනා නොගත්තේනමි ඔබගේ ජංගම දුරකථනයට අදාල (drivers) ඔබ විසින් බාගතකර පරිගණකයේ ස්ථාපනක කරගත යුතුය. 

(03)

04.පියවර

ඉන්පසු ඉහත (03) රෑපයේ රතුපාට කොටුවෙන් දක්වා ඇති (ROOT) යන කොලපාට බටනය ක්ලික් නරන්න. ඉන් පසු පහත (04) රෑපයෙහි පරිදි වින්ඩොවක් දිස්වන අතර ඒ අතරතුර කිසිවක් නොකරන්න (විශේෂයෙන් දුරකතනය සොලවන්න යන්න, data cable එකේ connection lost වෙන විදියෙ මොකුත් කරන්න යන්න අරව මේව කරන්න යන්න එපා....මොකද පොඩ්ඩක් අවුල් උනොත් ෆෝන් එකට කෙල වෙන්න බැරි නෑ...) ඉන්පසු ඔබගේ දුරකථනය Restart වනු ඇත. ඉන් පසු පහත (05) රෑපය පරිදි වින්ඩෝවක් ලැබේ නමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුකරථනය නිවැරදිව  (ROOT) වී ඇති අතර සැකහැර දැනගැනීම සදහා දුරකථනයේ Data Cable ගලවා දුකථනයෙහි Apps අතර ඇති Superuser යන මෘදුකාංගය ස්ථාපනය වී ඇත්දැයි පරික්ෂාකර ලබන්න. 

(04)

  (05)

දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සාර්ථකව Root වී අවසන්ය.. දැන් ඔබට හිතේ හැටියට apps/games install කිරීමේ හැකියාව පවතී.. තවද දුරකථනයේ වේගයද සෑහෙන්න වැඩි වී තිබෙනු පෙනී යයි..!

*** ඔබගේ අවදානම මත සිදු කරන්න.... වරද්දගෙන රුකාට බනින්න නම් එපෝ... ඒ පිලිබද කිසිදු අතුරු ඵලයක් රුකා විසින් භාර ගනු නොලැබේ... ***

පෝස්ට් එක වැදගත් කියල හිතනව..
යාලුවන්ටත් බලන්න මෙතනින් share කරන්න..

0 comments:

Post a Comment

Like and Follow on Facebook