Thursday, November 03, 2016

I'm Rukaa

Windows ඇති නේද? මාරු වෙමු දැන් Free OS එක්කට... මොනාද අහන්න කලින්, කියවල ඉමුකෝ...

Free OS එක්කට...???
ඔව් ඔව් ඔව්... Free OS එක්කට...
 
මුලින්ම කතා කරමු මේක අපි... ඇයි ඉතින් ඔය අගේට වින්ඩෝස් තියෙද්දි මෙව්වා...???
ජීවිතේටවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැතිව බොහෝම අවංකව ජීවත් වෙන බොහෝමයක් දෙනා පරිගණක ක්ෂේත්‍රයෙදි හරිම ලේසියෙන් හොරුන් බවට පත් වෙනවා. එහෙම හොරු වෙන සුලභම ක්‍රමය තමා අනවසර, නීතිවිරෝධි, මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතා කරන එක. 
හරි චුට්ටක් තමන්ගෙන්ම අහලා බලන්න මේ වනකොටත් ඔබ මෙම මංකොල්ලකන ලද මෘදුකාංග කීයක් නම් භාවිතා කර ඇද්ද..? 
භාවිතා කරනවා ඇද්ද...? 
ඉතින් දැන් මේ හොරකම් නවත්වන්න කාලය ඇවිත්. ලංකාවේ නීතියෙන් පවා තහනම් කරන ලද මේ මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතයෙන් ඉවත් වී ඔබේ අවංක බව පරිගණකය ඉදිරියෙත් රැක ගැනීමට අවස්ථාව උදාවී ඇත.
 
මංකොල්ලකාපු මෘදුකාංග! ඈහ්??? ඇයි ඉතිං මංකොල්ලකාපු මෘදුකාංගම...????
අපිට පරිගණකයක් භාවිතා කිරීමේදි මූලිකවම මෙහෙයුම් පද්ධතියක් සහ අපගේ අවශ්යතාවයන්ට ගැලපෙන පරිදි අදාළ මෘදුකාංග භාවිතා කිරීමට සිද්ධ වේ.
මෙලෙස අපි භාවිතා කරන බොහෝමයක්  මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති වාණිජ ඒවා වන අතර ඒවා නීත්යානුකූලව භාවිතා කිරීමට විශාල මුදලක් අදාළ සමාගම් වලට ගෙවීමට සිදුවනු ඇත.
උදාහරණයක් විදියට...
Microsoft සමාගමේ Windows O/S එක $119.99 සිට ඉහලට, එනම් ලංකාවේ මුදලින් නම් රු: 15,901/= සිට ඉහලට,
ජායාරූප සංස්කරණ කටයුතු සදහා යොදාගන්නා Adobe සමාගමේ Photoshop $592.88 සිට ඉහලටද.. එනම් රු: 78,568/= සිට ඉහලටද,
පරිගණකය භාවිතයෙන් නිර්මාණ කටයුතු සිදු කිරීම සදහා භාවිතා කරන AutoDesk සමාගමේ
AutoCAD වගේ දෙයක් ගත්තොත් $4,490.00 සිට ඉහලටද.. එනම් රු: 595,014/= සිට ඉහලටද,
ආදි වශයෙන් උදාහරණ බොහෝමයක් පෙන්නන්න පුළුවන්. 
නමුත් ලංකාවේ අපි බොහෝමයක් අලුතින් පරිගණකයක් මිලදී ගැනීමටවත් මෙතරම් මුදලක් වැය කරන්නේ බොහොම කලාතුරකින්නේ. ඉතිං විකල්පයක් විදිහට බොහෝ දෙනා කරන්නේ පදික වේදිකාවෙන් හෝ පුංචි CD කඩයකින් හොර බඩු ගන්න එක. නමුත් ඒක කොහොමටවත් ගැලපෙන්නේ නැති හොර වැඩක්. ඒක ඒ මෘදුකාංග සංවරධනය කර ශිල්පීන්ට කරන ලොකු අසාධාරණයක්නෙ!
 
ඒ නිසා පරිගණක භාවිතා නොකර ඉන්නද???
ඉතිං මේ ගැටළුවට තියෙන එකම විකල්පය හොර බඩු පාවිච්චිය නම් නෙවේ. අපිට ඕනේ විදිහට පරිගණකය භාවිතා කිරීමට අවශ්ය වෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංග නොමිලේම ලබාගැනීමට ඉඩ දෙන සමාගම් ඕනෑ තරම් තිබෙනවා නම්, ඒ ශිල්පීන් තමන්ගේ නිෂ්පාදන අපිත් එක්ක බෙදාගන්න සූදානම් නම් මොකටද තවත් මංකොල්ලකාපු හොර බඩු...????
මෙලෙස නොමිලේ ලබාගන්න පුලුවන් නිදහසේ භාවිතා කරන්න පුලුවන් ලොව සුලභම මෙහෙයුම් පද්ධතිය වන Linux තුලින් හා ඒහා බැදුනු මෘදුකාංග භාවිතයෙන් ඔබේ අවංකබව පරිගණකය ඉදිරියේත් රැක ගැනීමට අවස්ථාව ඔබට ලැබෙනු ඇත. තවදුරටත් හොරෙක්, වංචනිකයෙක්, මංකොල්ලකාරයෙක් නොවි නිදහසේ අවංකව පරිගණක ලොකේ පියාඹන්න සෙට් වෙන්න Linux ලෝකෙට.....

මම මේ කල්පනා කරේ...
දැන් නෙවේ අපි ඊලග පෝස්ට් එකෙන් වැඩේට අත ගහමු නේද?
මුල ඉදන්ම කියල දෙන්නම් ඉන්නකො පොඩ්ඩක්ක්...
එහෙනම් රුකා කෑපෙනෝ....

0 comments:

Post a Comment

Like and Follow on Facebook