ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Saturday, October 29, 2016

ජාතියේ මළගම ගෙනෙන කළු දෙසැම්බරයට එරෙහිව කළු බදාදා!

ජාතියේ මළගම ගෙනෙන කළු දෙසැම්බරයට එරෙහිව කළු බදාදා

ශ්‍රී ලංකා රජය ඉතාම අන්තනෝමතික ලෙස කටයුතු කරමින් වීශේෂඥයන්ගේ මතයත් වෘත්තීයවේදීන්ගේ මතයන් සහ මහජන මතයත් පසෙකලා හුදු ඉන්දීයානු යෝජනාවන්ට අවනතව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට අන්තර්ජාලය ඔස්සේ විරෝධය පෑම සඳහා දියත් වූ "කළු බදාදා" දිනයට Rukaa Tricksද එකහෙළා සහයෝගය පළ කරයි.

Friday, October 14, 2016

කැම්පස් රෙජිස්ටර් seen එක අවුලක්ද? තේරෙන්නෙ නැද්ද? තාම උනේ නැද්ද? මෙන්න step by step වැඩේ කරන හැටී...

මේ පාර කැම්පස් රෙජිස්ටර් වෙන එක online නිසා පොඩි පොඩි අවුල් ඇතිනෙ කට්ටියටම නේද?  තේරෙන්නෙ නැද්ද ඔයාටත් කතන්දරේ හරියට? මගෙනුත් ගොඩක් අය ඇහුවා... ඉතින් මන් හිතුව හැමොටටම අල්ලගන්නත් එක්ක වැඩේ කෙරෙන හැටි සරළව කියල දෙන්න ඔක්කොලටම... මෙන්න වැඩේ කරන හැටී...

ක්‍රම දෙකයිනේ...
Credit Card එකෙන් ගෙවන්න සහ බැංකුවට ගිහිල්ල ගෙවන්න...
අපි දෙකම ගැන කතා කරමු...

මුලින්ම මේ පහල රූපෙ ක්ලික් කර්ල ලින්ක් එකට යන්න...
ugc.ac.lk
එතකොට මෙන්න මෙහෙම එයි...
ඒකෙන් හරියටම බලල ඔයාගෙ caurse එක click කරන්න.

දැන් මෙන්න මෙතන ඔයාගෙ විභාග අංකෙ හරියට ගහන්න...
ඒක වලංගු එකක් නම් පොඩි හරියකුත් වැටෙයි.

ඒකර්ල ඔන්න ඔය බොත්තම එබුව ගමන් යට details ටික autoම fill වේවි...

හැබැයි මෙන්න මේ හතර හිස්තැන් ඇති.
බලල හරියටම ගහන්න ඒ ටික.
Reference No එක කියන්නෙ ඔයාට ආපු අර ලිව්මෙ වෙනම ඒක highlight කර්ල ඇති...
එතකොට Mobile number එකයි Land line එකයි දෙකත් දෙන්න හරියටම...
අනිවාරෙන් වැඩ කරන email එකක් දෙන්න අන්තිම එකට,
මොකද ඔයාගෙ ඉදිරි සන්නිවේදන කටයුතු සිදුවෙන්නෙ මේ හරහා කියලයි එයාල කියන්නෙ...
ආහ් ඒ වගේම වෙන කෙනෙක් දැනට දීල තියෙන එකක් ඔයාට ආයෙ දෙන්නත් බෑ කියනව හොදේ... (ඒ කියන්නෙ එකක් එක පාරයි...)

දැන් තව ටිකක් පහලට යද්දි මෙන්න මේ වගේ tick එකක් දාන්නත් ඇති. ඒකත් ඔබල tick එකකුත් දාන්න එතන්ට. එතනදි ඔයා ඒකෙ කොන්දෙසිවලට එකග උනා ඈ...

ක්‍රම දෙකයි කිව්වනේ...
Card එකෙන් ගෙවන්න සහ බැංකුවට ගිහිල්ල ගෙවන්න...
දැන් තමා ඒ තීරනේ ගන්න ඕනෙ වෙලාව...
අපි දෙකම ගැන කතා කරමු...
මුලින්ම බැංකුවට ගිහින් එන එක ගැන කතා කරමු නේද?
එහෙම ඔයා බැංකුවට සල්ලි ගෙවල ඇවිල්ල රෙජිස්ටර් වෙනවනම් ඔයා ඔය පිටුවෙ පහළම තොරාගැනීම් වලින් මෙන්න මේක ගන්න ඕනෙ...

ආහ් ඒ වගේම එහෙම නම් කරන්න යන්නෙ,
ඔයා මේක පුරවන්න එන්න කලින් ලංකාවෙ කොහෙ හරි BOC එක්කට ගිහින් මෙන්න මේක (අපිට ලිව්මෙ දාල එවන වවුචරේ) පුරවලා ඔයාට අදාල ගාස්තු ගෙවන් එන්න වෙනව ඈ...
ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනී....

ඒ වගේම එතකොට අපිට තව කාබන් කොපි දෙකක් හම්බෙනවනේ...
ඒව ගුලි කර්ල විසි කරන්න හෙම නෙවේ දෙන්නේ...
ඒක තියාගන්න ඕනෙ පස්සෙ උවමනා වෙනව ඈ...


මේ රෝස පාට එක ඔයාට තියාගන්න දෙන්නෙ (හදිසියෙ ඔප්පු කරන්නවත් උනොත්...)






මේ කොළ පාට එක ඔයා අමුණලා යවන්න ඕනෙ ආයෙ.. ඒ ගැන ඉස්සරහට කියන්නම්ම්...






හරි ඔය වැඩේ කරගත්තම මේක ඔබල ඉස්සරහට යන්න කියල කිව්වනෙ මං...

එතකොට මෙන්න මෙහෙම පිටුවක් එන්නෙ...

ඕකෙ ඔයා සල්ලි ගෙව්ව ශාඛාව උඩ එකෙන් තෝරලා යටින් ඒ සල්ලි ගෙව්වෙ දිනේ හරියට හොයල දෙන්න...
ඉන් පස්සෙ මේ පෙන්නලා තියෙන submit බොත්තම ඔබල ඉස්සරහට යන්න..

වැඩේ ගොඩ නම් හරියට කරා නම් මෙන්න මෙහෙම success කියල messege එකක් ඒවි ඊලග පිටුවෙදි..
එතනින් මෙන්න මේ පෙන්නන බොත්තම ඔබල දෙන pdf එක download කරගන්න... වැරදිලවත් download උනෙ නැත්නම් බය වෙන්න එපා...
ඔයාගෙ email එකේ inbox ඇති ඒකෙ කොපියක් පස්සෙ ගිහින් ගන්න පුලුවන්...
ඉතින් ඕක බාගනකෝ ඒ කොයි විදියකින් හරි කමක් නෑ...

දැන් ඒ වැඩේ බොහෝ දුරට ඉවරයි....
බොහෝ දුර නෙවේ ඉවරයි තමා ඇත්තටම ඉතින්...
ලිකිත සාක්ෂි ටික යවන්න විතරයි ඉතුරු...
ඒක අර කලින් කිව්ව ක්‍රම දෙකෙන් කොයි විදියට කරත් same නිසා දැන් මේ කතාව පොඩ්ඩකට නවත්තලා ආය උඩ පියවරකට යන්නයි හදන්නෙ...

ඒ කිව්වෙ බැංකුවට නොයා ගෙදරදිම credit card එකෙන් ගෙවන හැටී...
ඒකට මෙන්න මේ පියවරේදි අරක නෙවේ මෙන්න මෙතන ඔබල ඉස්සරහට යන්න...

ආයෙම අහනව?
confirm කරන්න ඔව් card එකෙන් ගෙවන්න තමා යන්නෙ කියල මේක ඔබල...

ඊලග පියවරෙන්
1.එකග වෙනව
2.බැංකුව තෝරනව
(තෝරනව කිව්වට එකයි තමා තියෙන්නෙ/එහෙම කියල මැරෙන්නයෑ)
3.ඉස්සරහට යනවා...
ඉතින් Proceed ඔබන්න දැන්...

දැන් ආයෙත් ඔයා ගෙවන්න ඕනෙ ගාන සහ බැංකු ගාස්තු සමග මුලු ගාණ හෙම පෙන්නනවා...
ඒක කියවල Pay Now ඔබන්න...

එෆාම වෙන කොටස...
සෑහෙන වෙලාවක් තියෙනව මේ පිටුවෙ හොදෙද! හදිස්සි වෙලා refresh කොරන්න හෙම එපා හිරවෙලා කියල හිතලා...
ඒක කියලම තියෙනවා...
විනාඩි 5ක් වගෙ තිබ්බ නිකන්ම මෙහෙම වැටිල මගෙත්...

ආය මොකුත් කරන්න නෑ...
ටික්කින් මෙහෙම වැටිලත් ටික වෙලාවක් තියෙනවා...
ඉවසන් ඉන්ට තමා තියෙන්නෙ...

ඔන්න ආව වටිනම පිටුව...

 පුරවන්න තිතටම බලල හරියටම...
මාත් පලවෙනි පාර වරද්දගත්ත...
Card එකේ ගහල තියෙනව මේ හැම විස්තරයක්ම...
ආහ් අන්තිමට ඔයා රොබෝ කෙනෙක්ද බලන්න verification එක්කුත් තියෙනවා...
ඒකත් බලල ගහන්න...
අන්තිමට ඔන්න ඔය Pay එක ඔබන්න...

ආයෙත් පෙර සේ ටික වෙලාවක් මෙහෙම තියෙනවා...
XP load වෙනව වගේ කොටු ටිකක් යනව ටික වෙලාවක්...

හරියට කරා නම් OK වෙයි...

දැන් ඉතින් ඔය කොයි විදියට ගියත් අවසානෙ මෙතනින් pdf එක බා ගන්න දෙනවනේ...
ඉතින් ඒක download කරගන්න...
mail එකෙ කොපියකුත් ඇති...

මෙන්න මෙහෙම PDF එකක් ඇත්තෙ...

හරි රෙජිස්ටර් වැඩේ අහවරයී...
වැඩි හොදට ලිඛිත තහවුරු කිරීම පිණිස දැන් ඔය බාගත්තු PDF එක print කොර්ල දෙකට නමල මේං මේක අස්සට දාල යවන එකයි තියෙන්නෙ... Register post ඈ...
ඔක්කොම කියපු එකේ ඒක විතරක් මොකො නොකිය යන්නෙ...

එහෙනම් මිතුරනි කැම්පස් රෙජිස්ටර් වුනු ඔබට ජය!
ආහ් දැන් මේ අවුරුද්දෙ ඉදන් දිගටම මේ theoryයටලුනෙ register වැඩෙ යන්නේ...
මේ පාර මං ඇතුලු අපෙ සෙට් එක පත් උනු අපහසුතාවෙට ලබන අවුරුද්දෙ සිට ඔබ පත් නොවන්නටයි මං මේ තකහනියක් මේක ලිව්වේ...
රුකා කියවන ඔයාල පවුනෙ!
හී බායී....

Like and Follow on Facebook